Jul 30

අයි.සී.සී.ය ටෙස්ට් ලෝක ශුරතාවයට සුදානම්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) පළමු වරට සංවිධානය කරන අන්නජාතික ටෙස්ට් ලෝක ශූරතාව (World Test Championship) අගෝස්තු පළමුනිදා ආරම්භ වීමට නියමිතය. මෙම නිල එළිදැක්වීම (Launches)  ඊයේ (29දා) සිදුවිණ.
රටවල් නවයක, තරගාවලි 27ක් යටතේ පැවැත්වෙන තරග 72කින් යුත් තරගාවලියක් ලෙස 2021 වර්ෂය දක්වාම ක‍්‍රියාත්මක වීමද
මෙම තරගාවලියේ විශේෂත්වයකි. තරගාවලියේ මුලික වටයේ තරග 71ක් ලීග්
ක්‍රමයට පැවැත්වීමෙන් අනතුරුව තරගාවලියේ අවසන් මහා තරගය 2021 වර්ෂයේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලන්ඩනයේ ලෝඩිස් ක්‍රීඩාංගණයේදීය.

තරගාවලියේ සංයුතිය

තරගාවලිය තවත් උප තරගාවලි 27ක එකමුතුවක් ලෙස පැවැත්වෙන ඇත. තරගාවලිය ආරම්භ වන්නේ අනිද්දා (01දා) එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර එංගලන්තයේදී ආරම්භ වන ‘අළු බඳුන’ තරගාවලිය සමඟිනි. තරගාවලිය සඳහා අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින ඉන්දියාව, නවසීලන්තය, ද. අප්‍රිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය,

බ.ඉ.කොදෙව් හා බංග්ලාදේශය යන කණ්ඩායම් සහභාගි වෙති.

සමස්ත තරගාවලියේ සංයුතිය ගත් කළ තරග පහකින් යුත් තරගාවලි දෙකක්, තරග හතර බැගින් පැවැත්වෙන තරගාවලි දෙකක්, තරග තුන බැගින් පැවැත්වෙන තරගාවලි හතක් හා තරග දෙක බැගින් පැවැත්වෙන තරගාවලි 16කින් මෙම සමස්ත ටෙස්ට් ලෝක ශුරතාවේ සංයුතිය සෑදී ඇත. තරගාවලියේ වැඩිම තරඟ සංඛ්‍යාවක් එංගලන්තයට, ඔස්ට්‍රේලියාවට හා ඉන්දියාවට හිමිවී ඇත. ඒ පිළිවෙළින් 22, 19 හා 18ක් ලෙසිනි.

ඊට අමතරව ද. අප්‍රිකාවට 16ක් හා බ,ඉ, කොදෙව් සදහා 15ක් බැගින් හිමි වී ඇත. ඊට අමතරව නවසීලන්තයට හා බංග්ලාදේශයට 14ක් බැගින් හිමි වී ඇත. තරගාවලියේ අවම තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට හා පකිස්තානයට හිමිවී ඇති අතර එය ගණනින් 13 කි. ලකුණු ලබාදීමේ ක්‍රමවේදය  මෙහි ප්‍රසාද ලකුණු ලබාදීමේ ක්‍රමවේදයට අනුව තරඟ දෙකකින් යුත් තරගාවලියක ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 60ක්ද, ලකුණ සමවීමකට ප්‍රසාද ලකුණු 30ක්ද, ජය පැරැදුමින් තොර වීමකට ප්‍රසාද ලකුණු 20ක් බැගින්ද හිමි වේ.

තරග තුනකින් යුත් තරගාවලියක ජයග්‍රහණයක් සදහා ප්‍රසාද ලකුණු 40ක්ද, ලකුණු සමවීමකට ප්‍රසාද ලකුණු 20ක්ද, ජය පැරැදුමින් තොර නිමාවකට ප්‍රසාද ලකුණු 13ක්ද හිමි වේ. තරග හතරකින් යුත් තරගාවලියක ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු  30ක්ද, ලකුණු සම වීමකට ප්‍රසාද
ලකුණු 15ක්ද, ජයපැරැදුමින් තොර නිමාවකට ප්‍රසාද ලකුණු 10ක්ද හිමි වේ.

තරඟ පහකින් යුත් තරගාවලියක ජයග්‍රහණයකට ප්‍රසාද ලකුණු 24ක්ද, ලකුණු සමවීමකට ප්‍රසාද ලකුණු 12ක්ද, ජය පැරැදුමින් තොරවීමකට ප්‍රසාද ලකුණු 08ක් ලබාදීම සිදුකරයි. මෙම කිසිදු තරගාවලියක පරාජයක් සඳහා ප්‍රසාද ලකුණු ප්‍රදානයක් සිදු නොකෙරේ.

මෙවර තරගාවලියේ සැලැසුම

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ පසුගිය තරගාවලි දෙකක් අසාර්ථකවීමෙන් අනතුරුවය. මෙම තරගාවලිය පැවැත්වීමට මූලික යෝජනාව 2010 වර්ෂයේදී එළිදැක්වූ අතර තරගාවලිය මුලින්ම පැවැත්වීමට නියමිතච තිබුණේ 2013 වර්ෂයේදීය.  කෙසේ වෙතත් එය අවලංගුවීමෙන් අනතුරුව 2017 වර්ෂයේදී නැවතත් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණත් එයද අවලංගුවීමෙන් අනතුරුව මෙම වර්ෂයේදී එය පැවැත්වීමට තීරණය කෙරීණි.

-ඕෂිත වරකපිටිය-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *