Dec 25

ඉන්දියාවේදී ශ්‍රී ලංකාව විස්‌සෙන් බිංදුවටම වැටෙයි

In India, Sri Lanka drops to twenty foot

ඉන්දියානුවන් හමුවේ තුන්වරක්‌ විස්‌සයි විස්‌සෙන් වරද්දාගත් ශ්‍රී ලංකාව ඊයේ (24දා)වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි තරගයෙන්ද කඩුලු 5 ක පරාජයක්‌ අත්විඳි අතර එත් සමග 3-0 කින් ඉන්දියාවට තරගාවලියේ ජයද හිමිවිය.

අදාළ පරාජයත් සමග ශ්‍රී ලංකාව පිට පිටම විස්‌සයි විස්‌ස තරග 8 ක්‌ පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්‌ බවට පත්විය.

නැවත වරක්‌ වේගවත් පිති ප්‍රහාරයකට සැරසුණ රෝහිත් ශර්මා ලකුණු 27 ක්‌ ලබා සිටියදී දවා ගැනීමට දසුන් ශානක සමත් වූයේය. කුසල් පෙරේරා වෙත උඩ පන්දුවක්‌ ලබාදී ශර්මාගේ ඉනිම නිමවන විට හයේ පහරක්‌ සහ හතරේ පහර 4 ක්‌ සමගින් පන්දු 20කදී ලකුණු 27 ක්‌ ලබා සිටියේය.

අනතුරුව ඉන්දීය ජයග්‍රහණය පහසු කළ ශ්‍රෙයාර් අයියර් සහ මනීෂ් පාණ්‌ඩෙ පිළිවෙළින් ලකුණු 30 ක්‌ සහ 32 ක්‌ වශයෙන් රැස්‌කර ගත්හ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ඇරයුමෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 8 ක්‌ වනවාත් සමගම ලකුණක්‌ ලබා සිටි නිරෝෂන් දික්‌වැල්ල පිටියෙන් ඉවත් වූයේය. ජයදේව් උනඩ්කට්‌ යෑවූ පන්දුවකට මොහොමඩ් සිරාඡ් අතට උඩ පන්දුවක්‌ ලබාදී දික්‌වැල්ල දැවී ගිය අතර මෙම තරගාවලියේ තරග තුනේදීම උන්ඩ්කට්‌ හමුවේ ඔහු දැවී යැම විශේෂත්වයක්‌ විය.

ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුවක්‌ වූ කුසල් පෙරේරා ලකුණු 4 ක්‌ ලබා සිටියදී පන්දු යෑවූ වොෂින්ටන් සුන්දර් අතටම උඩ පන්දුවක්‌ ලබා දී වී ගියේ ඔහුගේ පළමු ජාත්‍යන්තර කඩුල්ල සටහන් කරමිනි.

ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 18 ක්‌ වනවාත් සමගම ලකුණු 11 ක්‌ ලබා සිටි උපුල් තරංගගේ ඉනිමට තිත තැබීමට ජයදෙව් උනඩ්කට්‌ සමත් වූවේය.

නායකත්වයේ ඔටුන්න සමග නැවත වරක්‌ අසාර්ථක වූ තිසර පෙරේරාට රැස්‌කරගත හැකිවූයේ ලකුණු 11 ක්‌ පමණි. මොහොමඩ් සිරාඡ්ගේ ගොදුරක්‌ බවට පත්වූ තිසර පන්දු 6 කට මුහුණදී සිය ඉනිමට හතරේ පහර දෙකක්‌ එක්‌කර තිබුණි.

සුපුරුදු පරිදි හිතුමතේට කඩුලු විසිකර දැමූ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට අසේල ගුණරත්න පත්වූයේය. හර්දික්‌ පාණ්‌ඩ්‍යා යෑවූ පන්දුවකට කුල්දීප් යාදෙව් වෙත උඩ පන්දුවක්‌ ලබාදී අසේල දැවීයන විට හතරේ පහර තුනක්‌ සමගින් පන්දු 37 කදී ලකුණු 36 ක්‌ රැස්‌කගෙන සිටියේය.

දෙවැනි තරගයේදී ස්‌ථානය අහිමිව නැවතත් තෙවැනි තරගයේදී කණ්‌ඩායමට එක්‌වූ දසුන් ශානක හයේ පහර දෙකක්‌ සමගින් පන්දු 24 කදී නොදැවී ලකුණු 29 ක්‌ රැස්‌කර ගත්තේය. වේගය බාලකර එවූ පන්දුවකට ඔහුගේ පිත්තෙන් එල්ල වූ දෙවැනි හයේ පහර මීටර් 103 ක්‌ වශයෙන් සටහන් වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *