Jan 09

මෙවර පැවැත්වෙන 70 වැනි නිදහස් උළෙලට එන බ්‍රිතාන්‍ය රජ පවුලේ අමුත්තා මෙන්න

independence-day1

පෙබරවාරි මස 4 වැනි දාට යෙදෙන 70 වැනි නිදහස් දින සමරු උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තෙකු සහභාගී වීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවනවා.

ඒ බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරුගේ සහභාගීත්වයයි.

දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ ෆිලිප් කුමරුගේ බාල පුතණුවන් වන එඩ්වර්ඩ් කුමරු වැසෙක්ස්හි අර්ල්වරයා යන නමින් හඳුන්වන අතර බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමිවන අනුපිළිවෙළ අනුව 9 වැන්නා ද වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ විදේශ අමාත්‍යාංශය හරහා බ්‍රිතාන්‍ය රජ පවුල වෙත යවා තිබූ ආරාධනා පත්‍රය පිළිගෙන මෙලෙස එඩ්වර්ඩ් කුමරුගේ පැමිණීම සිදුවන බවයි.

1998 වර්ෂයේ සමරනු ලැබූ 50 වැනි නිදහස් දින උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ එළිසබත් රැජිනගේ වැඩිමහලු පුතණුවන් වන චාර්ල්ස් කුමරුය.

“එක් ජාතියක්” යන තේමාව යටතේ පවත්වන ‍මෙවර නිදහස් දින උළෙල සඳහා තායිලන්තයේ සහ ජපානයේ රජ පවුල් වෙතද ආරාධනා යවා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
independence-day
independence-day

Leave a Reply

Your email address will not be published. Required fields are marked *