Feb 03

නිදහස වෙනුවෙන් ජනතාවට ලැබෙන සහන මල්ල මෙන්න

independent-celebration
ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 07 ක මිල ගණන් 70 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් වහාම අඩු කිරීමට පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව බාස්මතී සහල් කිලෝවක් රුපියල් 120 කටත්, සුදු කැකුළු කිලෝවක් රුපියල් හැටකටත්, කැඩුණු සහල් කිලෝවක් රුපියල් 59 කටත්, පරිප්පු කිලෝවක් රුපියල් 159 කටත් අලෙවි කරනු ඇති.

එමෙන්ම, මුං ඇට කිලෝවක් රුපියල් 195 කටත්, ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 110 කටත්, මිරිස් කරල් කිලෝවක් රුපියල් 220 කටත් ලංකා සතොස හරහා ලබාගැනීමට හැකියාව පවතිනවා.

මෙම මිල ගණන් අඩු කිරීම ලබන පෙබරවාරි මස 07 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *