Jan 04

මත්වී පැමිණි කාමාතුර බාප්පාගේ ගොදුරක් වූ 16 හැවිරිදි පාසල් දැරිය

kalutara-child-case
මව ,දියණිය නිවසේ තබා තනියම පිරිත් ගෙදරක ගිහින්…

සුළු පියාගේ අතවරයට ලක් වූ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ළමා නිවාසයක රඳවා තබන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියේග කර තිබෙනවා.

එමෙන්ම සිද්ධියට අදාළ සැකකාර සුළු පියා මේ මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ද නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

අතවරයට ලක් වූ දැරිය හතර වන වියේ පසුවන විට ඇයගේ පියා වෙනත් කාන්තාවක් සමග පැන ගිය බවත් ඉන් පසු තමා සැකකාර පුද්ගලයා සමඟ අඹු සැමියන් ලෙස ජිවත් වූ බවත් දැරියගේ මව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

බාප්පා මත්පැන් පානය කර පැමිණ තමන්ට අතවර කරන බවත් ඉකුත් 31 වැනිදා රාත්‍රියේ මව පමණක් පිරිත් ගෙදරක ගොස් සිටියදී රාත්‍රියේදී බාප්පා තමන්ට හිරිහැර කළ බවත් දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

දැරිය වෛද්‍ය පරිෂණයක් සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *