Dec 27

සුනාමියෙන් මියගිය අය සමරා කතරගම පිංකම්

Kataragama pilgrims celebrate

සුනාමියෙන් මියගිය අය සමරා කතරගම පුද බීමේ ඊයේ 26 වැනිදා පිංකම් රැසක්‌ පැවැත්විණි. මෙයට වසර 13කට පෙර සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූ පිරිස්‌ සමරා ඊයේ (26දා) ඥාතිහු කතරගම පුදබිම මුල් කොට ගෙන විශේෂ ආගමික වතාවත් පැවැත් වූහ. මියගිය අයට පිං අනුමෝදම් කිරීමේ ආගමික වැඩසටහන් රැසක්‌ දිවයිනේ නන් දෙසින් පැමිණි බැතිමතුන් පිරිසක්‌ විසින් සිදු කරන ලදී. කතරගම කිරිවෙහෙර, අෂ්ඨඑල බෝධිය, කතරගම දේවාල භූමිය මුල්කර ගනිමින් පහන් ආලෝක පූජාවන් පවත්වා සහ දාන ශීල, භාවනා වැඩසටහන් පවත්වා මෙම පිරිස්‌ මියගිය අය වෙනුවෙන් පිං අනුමෝදන් කළහ.

2004 දී කතරගම වන්දනාවේ පැමිණි ඇතැම් පිරිස්‌ ද කතරගම වන්දනාවේ පැමිණ මුහුද බඩ ප්‍රදේශ ඔස්‌සේ සිය ගම් බිම් වෙත ගමන් කළ ඇතැම් පිරිස්‌ ද සුනාමි ව්‍යසනයට ලක්‌ව මිය ගියහ. කතරගම – කේ ඩි දේවප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *