Mar 02

කොත්තු මස් හොද්දේ වඳ පෙති සිද්ධිය- අම්පාරේ 5ක් අත්අඩංගුවට ගුළිය රස පරීක්ෂකට

අම්පාර නගරයේ හෝටලයක කොත්තු මස් හොද්දට වඳපෙති යොදා තිබුණු බවට ඇතිවූ ආරවුලෙන් පසු ඇතිවුණු කලහකාරී තත්ත්වයට සැකකරන පුද්ගලයන් පස්දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රකාශ

ලබා ගනිමින් සිටින බව.

අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලසන්ත දඩල්ලගේ මහතා පැවැසීය.
මස් හොද්දේ තිබුණු වඳපෙති යැයි සැක කෙරෙන රතු වර්ණ සහිත ගුළියක් මේ වනවිට රස පරීක්‍ෂක වෙත යොමු කර ඇති බවත් එම වාර්තාව ලද සැණින් එහි අඩංගු වූයේ කුමක්දැයි නිශ්චිතව කිව හැකි බවත් දඩල්ලගේ මහතා පැවැසීය.

සිද්ධියෙන් පසුව කිසිදු කලහකාරී සිද්ධියක් වාර්තා නොවුණු අතර අම්පාර නගරයේ මේ වනවිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුවෙමින් පවතින බවත් දැකගත හැකි විය. නගරයේ සියලු කඩසාප්පු පෙරේදා (28දා) දිනයේ විවෘත කර තිබුණු අතර මැදින් පුන් පොහොය දිනය වූ ඊයේ (01දා) දිනයේ කඩ සාප්පු වසා තිබෙනු දක්නට විය. ප්‍රහාරවලට ලක්වූ වෙළෙඳසල් වෙත විශේෂ ආරක්‍ෂාවක් යොදා තිබුණු අතර නගරයේ ජනතාව ගැවසෙන ස්ථානවලට පොලිස් ආරක්‍ෂාව මෙන්ම යුද හමුදා ආරක්‍ෂාවද යොදා තිබෙනු දක්නට විය.

සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් අම්පාර මහෙස්ත්‍රාත්වරයා හමුවට යොමු කිරීමට නියමිත විය.

උහන – සමන් මාණික්කආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *