Mar 26

අතුරුදහන්ව සිටි පාතාලේ ‘කුඩු නුවන්‘ අල්ලාගනී

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම මිනිස් ඝාතන රැසකව සමබන්ධ පාතාල සාමාජිකයකු වන දොන් නුවන් උදයංග ගුණවර්ධන (39) නොහොත් කුඩු නුවන් නැමැත්තා ඊයේ (25) පෙරවරුවේ විශේෂ කාරිය බළකා මූලස්ථාන කදවුරේ විශේෂ කණ්ඩායමක් විසින් කඩවත, ඉහළ කරගමුණ ප්‍රදේශයේ නිවසක සැඟවී
සිටියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුණු සැඟවී සිටි නිවසේ වහලය මත සගවා තිබූ ජීව අත්බොම්බයක්ද සොයාගත් බව විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවසීය. මෙම සැකකරු චසර කිහිපයක සිට මිත්තොටමුල්ල සිය ගම් ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි අතර

ඔහු සැඟවී සිටින ප්‍රදේශය
පොලීසියට අනාවරණය කරහත නොහැකිව පැවතිණි. කඩවත, ඉහළ කරගහමුණ ප්‍රදේශයට නිතර පැමිණෙන සැකකටයුතු වෑන් රථයක අංකයක් සම්බන්ධයෙන් විශේෂ කාරිය බලකාය වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත එම වෑන් රථය පිළිබද තොරතුරු සොයාගෙන කුඩු නුවන් නමැත්තා එම වෑන් රථයෙන් මෙම නිවසට පැමිණෙන බවට තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව ඊයේ (25) පෙරවරු 11.00ට පමණ මෙම වැටලීම සිදුකර තිබේ.
නිලධාරින් නිවස වටලන අවස්ථාවේ සැකකරු එම නිවසේ සිටි බවට විශේෂ කාර්ය බළකාය සදහන් කරයි. මත්කුඩු ජාචාරවේ අම්පාකරව වැලපිටිය ප්‍රදේශයේ සිදුකළ මිනිස් ඝාතන දෙකක් ඇතුව ඝාතන රැසක්, පුද්ගලයන්ට පහර දී මාරාන්තික තුල සිදුකිරීම ඇතුළු චෝදනා රැසක් සැකකරුවන් එරෙහිව ඇති අතර කුඩු ජාවාරම සමබන්ධයෙන් ද අධිකරණ රැසක නඩු පවතින බව විශේෂී කාර්ය බළකාය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු කඩවත පොලිසියට භාර දී ඇති අතර අද (26) දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *