Feb 03

උපන් දිනය දා කුසල් මෙන්ඩිස් ලංකාවම හඩවයි

kusals-birth-day
බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 196කට දැවී ගියේ ඔහුගේ මංගල ද්ව්තව ශතකයට ඔන්න මෙන්න තිබියෙදී.
කුසල්ට ද්ව්තව ශතකය අහිමිවීම ගැන කනගාටුව පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ප්‍රතිචාර දක්නට ලැබුනා.

කුසල් ද්ව්ත්ව ශතකය ආසනයට පැමිණ දැවී ගිය තුන්වන අවස්ථාව මෙයයි.

මීට පෙරද බංග්ලාදේශයට එරෙහිව ලකුණු 194කට දැවී ගිය අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 176කට දැවී ගියා.

කුසල් මේ වනවිට ටෙස්ට් ශතක 4කට හිම්කම් කියන අතර ඉන් අවස්ථා තුනකදීම ලකුණු 150 සීමාව ඉක්මවන්නට සමත් වුණා.

කෙසේවුවත් අද දිනයේදී 23වන උපන් දිනය සමරන කුසල් මේ විශිෂ්ට ඉනිම ලකුණු 200 කරා ගෙන යාමට සමත් නොවීම සිය උපන් දින සාදයේ රසය අඩු කරන්නට නම් හේතුවක් වන්නට ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *