Sep 07

“මම ඕනෑම තරඟයකට එන්නේ මට තනියම තරඟය හරවන්න පුලුවන් කියලා හිතලා” – ලසිත් මාලිංග – Video & Photos

පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඉතිහාසයේ පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත් ලොව දෙවන පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සමත් වුණා.

ඒ, ඊයේ නවසීලන්තය සමඟ පැවති තුන් වන සහ අවසාන විස්සයි විස්ස තරඟයේදීයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඞ් ඛාන් විසින්. ඒ, අයර්ලන්තයට එරෙහි තරඟයකදියි.

මෙම තරඟය ලකුණු 37කින් ජය ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 125ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිතිකරුවන්ට ලසිත් මාලිංගගෙන් නොසිතූ අභියෝගයක් එල්ල වූ අතර, පන්දු වාර 20 තරඟ බිමේ සිය දෙවන කඩුලු ත්‍රිත්වය ද ඔහු ලබා ගත්තා.

ඉන් නොනැවතී හතර වන පන්දුවේදී ද තවත් කඩුල්ලක් දවා ගනිමින් ලොව එවන් දස්කමක් කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ද ඔහු සමත් වූ අතර විස්සයි විස්ස තරඟවල වැඩිම කඩුලුලාභියා බවට පත්වීමට ද ඔහුට හැකි වුණා.

ඒ අනුව නවසීලන්ත ක්‍රීඩකයන් සියළු දෙනාම පන්දු වාර 16ක් තුළ දී ලකුණු 88කට දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයේ ජය හිමි කර ගත්තා.

මාලිංග 2007 එක්දින ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගනිමින් එක්දින තරඟ බිමේ ද එවන් දස්කමක් කළ පළමු ක්‍රීඩකයා බවට පත්වුණා.

ජාත්‍යන්තර එක්දින තරඟවල කඩුලු ත්‍රිත්ව 3ක් ඔහු විසින් ලබාගෙන ඇති අතර, විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලදී කඩුලු ත්‍රිත්ව 2ක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුට ජාත්‍යන්තර කඩුලු ත්‍රිත්ව 5ක හිමිකම් පවතිනවා. ඊට ලෝක කුසලාන දෙකක ලබා ගත් කඩුලු ත්‍රිත්ව 2ක් ද ඇතුළත්.

තරඟ ජයග්‍රහණයෙන් පසු තිබූ මාධ්‍ය හමුවේදී ලසිත් මාලිංග මෙසේ අදහස් ප්‍රකාශ කළා.

එම වීඩියෝව පහතින්…..

තරඟයේ ඡායාරූප කිහිපයක් පහතින්…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *