Sep 26

මරණය පෙනි පෙනී අවුරුදු 17දී උතුරු කොරියාවෙන් චීනයට පැන ආ පුංචි කෙල්ල ලෝකයක් හඳුනන රංගන ශිල්පිණියක් වූ හැටි – Photos

සංචාරකයින්ට නිදහස සීමා කරමින් නීති පැනවූ හැටි…
ජනපතිගේ රැස්වීම්වල නිදාගත්තොත් වැඩ වරදී…

ලෝකයෙන් හුදකලා කරවන ලද රටක් වන උතුරු කොරියාව සිය 70 වැනි සංවත්සරය සැමරුවේ ලෝකයේ ඉහළම හමුදා බලය ප්‍රදර්ශනය කරමිනි.

යුද ටැංකි හා නවීනතම ප්‍රහාරක යානාවලට අමතරව “කිම් ජොං අන් දිගු කල් දිනේවා” යනුවෙන් මල් පොකුරු ගෙන වනමින්, උඩ පනිමින් ඔල්වරසන් දෙන රෝස නිල් ආදී පැහැපත් වර්ණවලින් සමන්විත උතුරු කොරියානු ජාතික ඇඳුමින් සැරසුණු දහස් සංඛ්‍යාත තරුණ කාන්තාවන්ගෙන් සැදි සන්දර්ශනයක්ද සමඟිනි.

උතුරු කොරියා අගනුවර වන පිටොංයෑන් නගරය දකින කෙනකුට බැලූ බැල්මට පෙනෙන්නේ අහස සූරන ගොඩනැඟිලිවලින් සමන්විත දියුණු නගරයකි.

විශාල ස්මාරක සැම අතම දිස්වේ. එහෙත් දස ලක්ෂ තුනක් ජීවත් වන මෙම නගරයේ තරම් නිහඬ බවක් ඔබට ලෝකයේ කිසිම නගරයක දැක ගනු නොහැකිය.

නගරයේ කිසිදු වාහන තදබදයක් නැත. මෝටර් රථ වුවද ඇත්තේ ස්වල්පයකි. මංසන්ධිවල ආලෝක සංඥා පුවරු නැත. ඒ වෙනුවට පොලිස් කාන්තාවන් පමණක් යොදා ඇත.

මෙහි මැදපෙරදිග රටවලටද වඩා වාරණ නීති ක්‍රියාත්මක වේ. සියලු දේපළ අයිති රජයටය. රජයට අගෞරව වන ලෙස හෝ විවේචනය වන ලෙස යම් ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් කිරීම මරණයට අත වැනීමකි. පිටරට යෑම තහනම්ය. අන්තර්ජාතික දුරකථන ඇමතුමක් ගැනීම මරණීය දණ්ඩනය හිමි වන වරදකි.

වෙනත් රටවල් සමඟ අන්තර්ජාල භාවිතයට ඉඩක් නැත. මුහුණු පොත හෝ වෙනත් සමාජ ජාලා පරිහරණයට අවසර නැත. කොරියන් භාෂාවෙන් පමණක් ඇති “Red Star OS”යන රජයෙන් දී ඇති මෘදුකාංගය භාවිතයෙන් රට තුළ පමණක් කොම්පියුටරය භාවිත කළ හැකි වේ.

රේඩියෝ හා රූපවාහිනි ඇත්තේ රජයේ විකාශ කිහිපයක් පමණි. යම්කිසි ස්ථානයක හදිසි ගින්නකදී වුව ඔබගේ ජීවිතය හෝ දේපළ බේරා ගන්නට පළමුව එහි ඇති ආඥාදායකයාගේ පින්තූර බේරාගෙන තිබිය යුතුය. මැතිවරණයේදී ඡන්දය දීම අනිවාර්ය වන අතර එසේ නොපැමිණෙන්නන් පරම්පරා තුනක් දක්වා බරපතළ වැඩකළ යුතු work camp වලට යවනු ලැබේ.

ජනාධිපතිගේ රැස්වීම්වල නිදා වැටුණහොත් එය එම නිලධාරියාගේ අවසන් නින්ද ද වනු ඇත. ආගම් වශයෙන් බුද්ධාගම හා කොන්ෆියුසියස් ධර්මයට පමණක් ඉඩ ලැබෙන අතර, නත්තල් ගසද බයිබලයද සපුරා තහනම් වේ.

කාන්තාවන්ට රිය පැදවීමේ අවසරය නැත. ගැහැනු පිරිමි දෙපක්ෂයටම කොණ්ඩය සකස් කිරීමට හැකියාව ඇත්තේ රජය විසින් නියම කරන ලද මෝස්තර කීපයකට පමණි. ජීන්ස් වැනි බටහිර ඇඳුම්වලට අවසර නැත. කාන්තාවන්ට නවීන සනීපාරක්ෂක තුවා හා පිරිමින්ට කොන්ඩම් පාවිච්චිය පවා තහනම් වුවද මරිජුවානා, බියර් හා මත්පැන් වර්ග පාවිච්චිය තහනම් නොවේ.

මෙම හැත්තෑ වැනි සංවත්සරය වෙනුවෙන් විවිධ රටවල ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකුට පමණක් රටට ඒමට අවසරය ලැබිණි. මේ එම කලාතුරකින් ලැබෙන අවස්ථාව ලබාගත් කැනේඩියානු මාධ්‍යවේදිනියක දැක් වූ අදහස්ය.

“අප විදේශ මාධ්‍යවේදීන් බව සාමාන්‍ය ජනතාවට හඳුනා ගැනීමට මුලින්ම ඔවුන් අපේ අතේ කොරියන් පාඨයක් සහිත නිල් පැහැති පළල් පටියක් බැන්දා. මෙහි පැමිණි අපට සංචාරයට අවස්ථාව ලැබුණේ කිසිම මොහොතක අප හැර නොගොස් අප අසලින්ම රැඳෙමින් අප ගැන සෝදිසියෙන් සිටි රජයෙන් පත් කළ නිලධාරියකු සමඟ. ඔහු වෙත වූ නීති රීතිවලට අනුව වීඩියෝ හෝ ඡායාරූප අපට හිතුමතේ ගැනීමට අවසර තිබුණේ නෑ. රජය විසින් පිටරැටියනට රටේ සැබෑ තත්ත්වය සෑම විටම වසන් කළ බව පෙනුණා. බැලූ බැලූ තන්හි ආඥාදායකයාගේ සහ ඔහුගේ පවුලේ අයගේ දැවැන්ත ලෝකඩ ප්‍රතිමා හා විශාලනය කරන ලද ඡායාරූප පමණි ප්‍රදර්ශනය වෙන්නේ. ආඥාදායකයා සහ ඔහුගේ පවුල දේවත්වයෙන් ඇදහීමට කුඩා කල සිට දරුවන් පුහුණු කර මොළ සේදීමකට බඳුන් කර තිබෙනවා. ජනාධිපති කිම් ජොං අන් ඇතුළු පවුල සුර සැප විඳිද්දී ඈත ගම්මානවල ජනයා කුසගින්නේ අන්ත දුගීභාවයෙන් ජීවත් වන බවයි දැනගන්න ලැබුණේ…”

20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේදී මෙම උතුරු කොරියානු අර්ධද්වීපය යටත්ව තිබුණේ ජපානයටය. “කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ජනරජය” බිහි වන්නේ 1948 සැප්තැම්බර් 9 දා ය. දෙවැනි ලෝක යුද්ධයේ පරාජයත් සමඟ රට බෙදුණි. 1953 දක්වා උතුරු දකුණු දෙරට අතර යුද්ධයක් පැනනැඟිණි.

අවසානයේ එකම රටක ජනතාවක් උතුරු හා දකුණු කොරියාව නමින් සදහටම දෙපසට වෙන් විය.

2018 වසර වන තුරු වසර 65කින් උතුරු කොරියාවේ හා දකුණු කොරියාවේ නායකයන් මුණගැසී නොතිබිණි.

ජනතා නායකයා ලෙස හඳුන්වන කිම් ඉල් සුං අර්ධ ශතවර්ෂයක් පාලනය ගෙනගියේය. ඔහුගෙන් පසු 1994දී පාලනය භාර වන්නේ ඔහුගේ වැඩිමල් පුතු කිම් ජොං ඉල්ටය. දශ ලක්ෂ ගණනින් මියගිය මහා සාගතයකට කොරියාව මුහුණ දෙන්නේ ඔහුගේ සමයේය.

ඔහුගේ පියාගෙන් අද සිටින ජනාධිපති කිම් ජොං අන් රාජ්‍ය භාර ගන්නේ 2011 දීය. බටහිර ලෝකය මොවුන්ගේ ඒකාධිපති පාලනය වචන තුනකින් අර්ථ දක්වයි.

එනම් “රහස්‍යභාවය, කුසගින්න, දුක්විඳීම” යනුවෙනි. උතුරු කොරියාව 80කට වඩා මිසයිල අත්හදා බැලීම් කර ඇති අතර මේ ශතවර්ෂයේ න්‍යෂ්ටික අවි අත්හදා බැලූ එකම රටද වේ.

උතුරු කොරියාවෙන් පැන යෑම මරණීය දණ්ඩනය ලැබෙන වරදක් වුවත් බොහෝ අය නිදහස සොයා පැන යෑමට තැත් කරති. එහි ඒකාධිපති පාලනයේ සැබෑ තත්ත්වය හෙළිදරව් වන්නේ North Korean defectors. යන නමින් හඳුන්වන ඔවුන් මඟිනි. උතුරු දේශ සීමාවෙන් ඔබ්බෙහි පිහිටි චීනයට පැන ගත්තත් චීනය එම සරණාගතයන් පිළි නොගෙන නැවත ආපසු පිටුවහල් කරයි.

කැනඩාව එවන් සරණාගතයන්ට රැකවරණය දෙන ප්‍රධාන රටකි.

චීන, කොරියන් දේශ සීමාවේ පිහිටි කචතභ ගඟ හරහා වයස දහ හතේදී මෙසේ චීනයට පැමිණි දැරියක වන “හියෝන්සියෝ ලී” වසර දහසයක් චීන බලධාරීන්ට අසු නොවී සැඟවී සිටියාය.

ඇගේ අත්දැකීම් අලළා ලියවුණු The Girl with Seven Names නමැති තම චරිතාපදානය නිසා ජනප්‍රියතාවට පත් වුණාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *