Sep 17

සිය බාල දියණියගේ මංගල සාදය දා 61 හැවිරිදි පියා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි

ඊයේ (16දා) නිවෙසේ පැවැත්වීමට සැලසුම් කර තිබූ බාල දියණියගේ අතිනත ගැනීමේ උත්සවය දින අලුයම පියා මියයෑමේ කනගාටුදායක පුවතක් ගල්ටැම්පොකුණ, මාකඩුවාව ප්‍රදේශයෙන් වාර්තා වූ බව මහව පොලිසිය සඳහන් කළා.
 
මෙසේ මියගොස් ඇත්තේ 61 හැවිරිදි පස්දරු පියෙක්.
 
තම බාල දියණියගේ මංගල සාදය සඳුදා දින නිවෙසේ පැවැත්වීමට නියම කරගෙන පියා පැමිණ සිටි නෑ හිතමිතුරන් සමඟ ඉරිදා දින (15දා) රාත්‍රි සැරසිලි කටයුතු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

රාත්‍රි 10ට පමණ සියලු දෙනාට තේ වත්කර දෙන ලෙස පැවැසීමෙන් පසු තේ පානය කර වැඩ කරමින් සිටියදී මියගිය අය පපුව රිදෙන බව පවසා ඇඳේ හාන්සි වී ඇති බව සඳහන්.
 
අනතුරුව මහව රෝහල වෙත ඔහු රැගෙන ආ බවද පසුව නිකවැරටිය රෝහල වෙත මාරුකර එවීමෙන් පසු එහිදී මියගොස් ඇති බවද වැඩිදුරටත් අනාවරණය වුණා..
 
ඊයේ පෙරවරුවේ නිකවැරටිය රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය එස්.යූ. රත්නායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය. එම වාර්තාවට අනුව හදිසි හෘදයාබාධයක් නිසා මරණය සිදුව ඇති බවට නිකවැරටිය මරණ පරීක්ෂකවරයා තීරණය කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *