Feb 09

විවාහ වීමට දවස් දෙකක් තිබියදී තරුණයෙකුට රහස් ප්‍රදේශය අහිමිවෙයි

man-gets-penis-cut-off
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී නාඳුනන පිරිසක් විසින් තරුණයෙකුගේ රහස් ප්‍රදේශය කපා ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

වයස අවුරුදු 25 ක් වන මෙම තරුණයා විවාහ වීමට දින දෙකක් තිබියදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි සඳහන් වන්නේ.

ඉකුත් 04 වැනිදා මෙම තරුණයා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වැවක් ආසන්නයේ ඇති කැළෑ ප්‍රදේශයකට ගොස් මලපහ දමා තිබෙනවා.

එම අවස්ථාවේ පැමිණි නාඳුනන පිරිසක් මෙම තරුණයාගේ රහස් ප්‍රදේශය කපා රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

අදාළ තරුණයා තවමත් ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *