Jan 10

හතරදෙනෙකුට මරු කැඳවමින් සිදු වුණු මාරක රිය අනතුර – Photos

මාන්කුලම් කොකාවිල් ප්‍රදේශයේදී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙන අතර එම අනතුරෙන් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු ඇතුළු සිව්දෙනෙකුයි. ඔවුන්ව කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ

ඔවුන් සියලුදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මහනුවර යාපනය මාර්ගයේ යාපනය දෙසට ධාවනය වූ වැන් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මාන්කුලම් පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *