Jan 01

මිග්‍රේන් – හිසරදයේ වේදනාව අඩු කරන අත්පටියක්‌

Migraine - a lapel that lowers the pain in the head

බොහෝ දෙනෙකුට කාලයෙන් කාලයට තදබල හිසරදයක්‌ ඇති කරනු ලබන “මිග්‍රේන්” රෝගයේ රෝග ලක්‍ෂණයන් විනාඩි කිහිපයක්‌ තුළදී හරි අඩකින් අඩු කරලීමට සමත් අත් පටියක්‌ (ආම් බෑන්ඩ්) බටහිර සමාගමක්‌ විසින් නිපදවා තිබේ.

“මිග්‍රේන්” රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට ඇමරිකානු ආහාර හා බෙහෙත් අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇති මෙම අත්පටිය මගින් සුළු ප්‍රමාණයේ විද්යුත් ධාරාවක්‌ නිපදවා මුදාහැරෙන අතර එය අතක උඩ කොටසෙහි සවිකර ස්‌මාට්‌ දුරකථනයක උපාංගයක්‌ මගින් පාලනය කළ හැකි වේ.

“නෙරිවියෝ මිග්‍රා” නමැති මෙම උපාංගය මෙතෙක්‌ හිසෙහි පැළඳි මිග්‍රේන් හිසදරය වැළැක්‌වීමේ උපාංගයන්ට වඩා රෝගයට සහනයක්‌ ලබා දෙන බව නියමු අධ්‍යයනයන්හිදී අනාවරණය වී තිබේ.

මෙම උපාංගය යොදා ගෙන ඊශ්‍රායලයේ මිග්‍රේන් රෝගීන් 71 දෙනකු යොදා ගෙන සිදු කරන ලද අත්හදා බැලීමකදී එම පුද්ගලයින්ට මෙම අත්පටිය මිග්‍රේන් රෝගය හට ගත් විගස අතෙහි පැළඳීමට උපදෙස්‌ දී ඇති අතර විනාඩි 20 ක කාලයක්‌ එය පැළඳ සිටීමට නියම වී තිබේ.

මෙහිදී එම පුද්ගලයින්ට මිග්‍රේන් රෝගයට ලබා දෙන බෙහෙත් නොගෙන සිටීමට මෙන්ම පැය දෙකක කාලයක්‌ කිසිදු බෙහෙතක්‌ ලබා නොගෙන සිටීමට උපදෙස්‌ ලැබී තිබේ. මෙම අධ්‍යයනයට සහභාගී වී ඇති පුද්ගලයින් මසකට මිග්‍රේන් හිසරදය 2-8 වාරයක්‌ හටගන්නා අයයි.

මෙහිදී අත්පටිය මගින් ඉතා සුළු නොදැනෙන මට්‌ටමේ විද්යුත් ධාරාවක්‌ නිපදවා මුදාහැර ඇති අතර ඒ හරහා එම පුද්ගලයින්ගෙන් සියයට 64 කට එම ප්‍රතිකාරය හරහා පැය දෙකක කාලයක්‌ ගත වූ විට සියයට 50 කින් පමණ වේදනාව අඩු වී ඇත.

මධ්‍යම හා දරුණු ගණයේ මිග්‍රේන් හිසදරයක්‌ පැවැති අයගෙන් සියයට 58 ක්‌ පවසා ඇත්තේ ඔවුන්ගේ වේදනාව සුළු වේදනාවක්‌ දක්‌වා අඩු බව හා කිසිදු වේදනාවක්‌ ඇති නොවන මට්‌ටමකට පත්වූ බවයි.

සංස්‌කරණය – ඒමන්ති මාරඹේ, උපාලි ද සේරම්, වසන්තා ශ්‍රියාකාන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *