Jul 30

මාස 09ක නිවුන් සිඟිත්තන් දෙදෙනා මර දැමූ සමන්තුරේ මන්දමානසික මව

තම කුසින් උපන් දරුවන් කිසිදු හේතුවකින් තොරව මාස 9 ක් වැනි කිරිකැටි වියේදීම ගෙළකපා මරා දමන්නට කටයුතු කළ අමානුෂික මවක පිළිබඳ කතාව ඇසුනේ සමන්තුරේ ප්‍රදේශයෙනි. අම්පාර සමන්තුර, පොලිස් බල  ප්‍රදේශයේ
නින්දවුර් පදිංචි මෙම කාන්තාව  මාස නවයක් වයසැති තම නිවුන් දරු දෙදනාගේ ගෙල  කපා ඔවුන් මරා දමා තිිබියදී හමුවූ අතර මියගොස්  ඇත්තේ සේහා අයිනා සහ සේහා සෙයිනා නමැති නිවුන් දැරියන් දෙදෙනෙකි.
මෙම ඝාතනය  ඊයේ 29 අලුයම 3.30ට පමණ සිදුකරන්නට ඇති

බව පරීක්ෂණ පවත්වන සමන්තුරේ පොලිසිය දන්වා තිබේ.

මෙදින රාත්‍රියේ මෙම කාන්තාව තම දරුවන් දෙදෙනා සමග අලුයම 03 පමණ වනතුරු සතුටින් සිට ඇති අතර එම අවස්ථාවේ ඇය දරුවන්ට කිරි පවා ලබාදුන් බව ඇගේ සැමියා පොලීසියට පවසා තිබේ.

පාන්දර ඇගේ සැමියාට නින්ද ගොස් ඇති අතර පසුදින උදේ 8ට පමණ  අවදිවී දරුවන් දෙදෙනා සොයන විට ඔවුන් නාන කාමරයේ සිටින බව බිරිය පවසා ඇත.
ඔහු නාන කමරයට ගොස් බලනවිට දරු දෙදෙනා ලේ ගොඩක් මැද මැරී සිටිනු දැක තිබේ.  මේ පිළිබඳව අසල්වැසියන්ට සහ පොලිසියට දැනුම්දි  ඝාතන සිදු කිරීම යොදාගත් පිහියද නාන කාමරයේ තිබී පොලිසිය විසින් සොයාගන්නා ලදි.

ඝාතන කිසිදු හේතුවකින් තොරව මන්ද මානසික තත්වය නිසා මව විසින් සිදු කර ඇති බවට සාක්ෂි ලැබී ඇත.
සැකකාර කාන්තාව කලක් තිස්සේ මානසික රෝගී තත්වයකින් පසුවූ බව කියන අතර ඇය මේ වන විට ඇය පොලිස් ආරක්ෂාව මැද කල්මුණේ උතුර රෝහල් ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *