Sep 26

“ඒ වීඩියෝ එකට මේනක මාත් එක්ක ඉන්න බැහැ කිව්වා, ඒක එයාගේ කැමැත්ත, මම බල කරන්නේ නැහැ..” – නෙහාරා පීරිස් – Photos

“ඔහු මගේ සැමියා බව ඇත්ත. එ ප්‍රතිපත්තිවලට මම ගරු කරනවා…”

“ඒවා වෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ..”

දිගු නිහැඬියාවට පස්සේ ඇමරිකාවේ ඉඳන් ලංකාවට ආපු නෙහාරා පීරිස් අලූත් වැඩක් කරලා. ඒ ඇයගේ ගීතයකට වීඩියෝ නිර්මාණය කිරීම. නමුත් මේ වීඩියෝ නිර්මාණයේ නෙහාරා පමණයි දකින්න ලැබෙන්නේ. ඒ ඇයි කියලා වගේම ඇයගේ අලුත් නිර්මාණ ගැන කතා කරන්නේ මෙහෙමයි.

නෙහාරා අලූත් වැඩකට අතගැසුවා නේද?
ඔව්. අලූත් වැඩකට අතගැසුවා. මම 2009 ඉඳන් ගීත ගණනාවක් කළා. නමුත් කිසි වුවමනාවක් තිබුණේ නැහැ මියුසික් වීඩියෝවක් කරන්න. කතාබහට ලක්වෙන දෙයක් කරන්න හිතුවේ නැහැ. ඉතිං මම දැන් ලංකාවට ඇවිත් ඉන්නේ අවුරුදු තුනක නිවාඩුවකට පස්සේ. එහේ ඉන්න ගමන් පවා මම හිතුවා මෙදා සැරේ ලංකාවට ආපු ගමන් සින්දුවක් කරලා මියුසික් වීඩියෝවක් කරනවා කියලා. කතාබහට ලක්වෙන දෙයක් කරන්න ඕනෑ කියන අදහසේ මුල ඉඳන් හිටියා.

කවුද මේ වැඬේට මුල පිරුවේ ?
මාව මේ වැඬේට මුල පිරුවේ මේ ගීතය ලියපු මනුරංග. මම ලංකාවට ආපු ගමන් වගේ ඔහුව මුණගැසුණා එක්තරා සාදයකදී. ඒ වෙලාවේ තමයි ඔහු මේ යෝජනාව කළේ.

ඊට පස්සෙ ?
මාස දෙකතුනකට පස්සේ මමයි මේනකයි මනුරංගව හමුවෙන්න ගියා. ඊට පස්සේ මම ඔහුට කිව්වා ස්පැනිස් ආරයේ ගීතයක් කරමු කියලා. ඔහු කීපදෙනෙක් එ වෙලාවේ කිව්වා. ඉතිං මම මගේ ගීතයට රැන්ඩි පෙරේරාව තෝරාගත්තා. මාස තුනහතරක් තිස්සේ මියුසික් වීඩියෝ එක සැලසුම් කළා.

ගීතය නම් කළේ ?
ඇස ගාව කියලා තමයි ගීතයේ නම යෙදුවේ.

ඇයි මේ එක්වරම ගායනයට යොමුවෙන්න හිතුවේ ?
ඇත්තම කියන්නම්කෝ. මම කැමැතියි මාව එන්ටර්ට්‍රේනර් කෙනෙක් කෙනෙක් විදිහට හඳුන්වනවාට. මගේ විදේශ ගුවන් ගමන් බලපත්‍රයේ පවා තියෙන්නේ ඇක්ටර් ක්ලෑෂ් එන්ටර්ට්‍රේනර් කියලා. මොකද මම නටන්න හරි කැමැතියි. මට කොහොමත් චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්. එවාගෙත් මම නර්තනයෙන් සම්බන්ධවෙලා නැහැ. ඉතිං මට වුවමනාවුණා එ දක්‍ෂතාවය තව තවත් වැඩි කරන්න. මම හරි කැමැතියි එන්ටර්ට්‍රේනර් කෙනෙක් වෙන්න.

නෙහාරාට රඟපෑමට ලැබෙන ආරාධනා අඩු හින්දාද ගායනයට යොමුවුණේ ?
නැහැ. ඇත්තටම මම ආපු ගමන් තමයි මේ වැඬේ සැලසුම් කළේ. අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ කියලා.

ඇස ගාව ගීතයේ මියුසික් වීඩියෝවේ ඉන්නෙත් ඔබමයි ?
ඔව්. මමමයි ඉන්නේ. දර්ශන දෙකකට විතර චතුරංග කියලා නිරූපණ ශිල්පියෙක් යොදාගත්තා.

ඇයි මේනකව යොදාගත්තේ නැත්තේ ?
මම හිතුවා ඔය ප්‍රශ්නය අහයි කියලා. අපි දෙන්නාම ඇත්තටම ප්‍රතිපත්තියක් විදිහට මියුසික් වීඩියෝවල රඟපාන්නේ නැහැ. අපිට ලැබුණ ගොඩක් ආරාධනාවලට අපි සහභාගිවුණේ නැහැ. එක අපේ ප්‍රතිපත්තිය.

නෝනාගේ මියුසික් වීඩියෝවට ඉන්න මහත්තයා අකමැති වුණා ?
කමැති කියන්නේ බිරිඳ නිසා මම ඇත්තටම ඔහුගෙන් විමසුවා මොකද කරන්නේ කියලා. එත් එයා කිව්වා ඔයාගේ මියුසික් වීඩියෝවට මම උපරිම සහයෝගය ලබාදෙන්නම් කියලා. හැබැයි වීඩියෝ එකට ඉන්න බැහැ කිව්වා. මම එක එකහෙළාම අනුමත කළා. මොකද ඒක ඔහු ගේ ප්‍රතිපත්තිය. ඔහු මගේ සැමියා බව ඇත්ත. එ ප්‍රතිපත්තිවලට මම ගරු කරනවා.

මේනක අලූත් ගීතය ගැන මොකද කිව්වේ ?
මම වගේම තිගැස්මකින් තමයි ඉන්නේ. අනික මම වගේම සැලසුම් කරනවා. ඉදිරි දේවල් ගැන සැලසුම් කරනවා. එයා තමයි සියල්ල සැලසුම් කළේ. මේ ගීතය එළීදැක්වීම ගැන සියල්ල සැලසුම් කරන්නේ ඔහු. හොඳ වැඩක් වේවි කියලා එයත් විශ්වාසයෙන් ඉන්නවා.

ඇස ගාව ගීතය හිට් වුණොත් තව ගීත කරන්න අදහසක් තියෙනවාද?
ඔව්. මම ආසයි. මම අනිවාර්යයෙන්ම කරනවා කියන තැනක නැහැ. මට අවස්ථාවක් ලැබුණොත් අතහරින්නේ නැහැ.

සමහරු කියනවා මෙදා සැරේ ලංකාවට ආපු නෙහාරාට වැඩ අඩුවෙලා කියලා ?
මම දන්නේ නැහැ වැඩ අඩුවෙලාද කියලා. ඉස්සර තරම් ආරාධනා ආවේ නැහැ. මට ටෙලිනාට්‍ය හයකට විතර තමයි ආරාධනා ලැබුණේ. හයෙන් දෙකක් ප්‍රතික්ෂේප කළා. එකක් වැඩ පටන්ගත්තා. අනෙත් එක ලබන අවුරුද්දේ වැඩපටන්ගැනීමට නියමිතයි. අනෙත් එවා කරනවාද? නැද්ද? කියන්න මම දන්නේ නැහැ. වෙන අය දාලා කරනවාද කියන්නත් දන්නේ නැහැ. කොහොම හරි ටෙලිනාට්‍ය හයකට විතරයි මට ආරාධනා ලැබුණේ. අලූත් අය ඇවිත් ඉන්නවා. එක හොඳයි. ඔවුන් ලස්සනයි. දක්‍ෂයි. එ තරගකාරීත්වය තියෙන්නේ.

නෙහාරාගේ අලූත්ම ගීතය කවදාද රසිකයන්ට තිළිණ කරන්නේ ?
ලබන මාසේ 05 වැනිදා තිළිණ කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

ඉදිරියේදී අනෙක් ගායක ගායිකාවන්ගේ මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබුණොත් භාරගන්නවාද?
මම වෙනදා වගේම රඟපාන්න විතරක් ආරාධනා කළොත් භාරගන්නේ නැහැ. ඩුවට් එකක් එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *