Sep 25

පාර්ලිමේන්තුව ජලයෙන් යටවිමේ අවදානමක්… වැලි කොට්ට යොදා වට කරයි

ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයටම ජල දිය ගලා විත් තිබේ.

ඒ ආසන්න දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය ජලයෙන් යට වී ඇති අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉතා ආසන්නයට ම ජල මට්ටම පැමිණ තිබේ.

ආරක්ෂක අංශ විසින් වැලි කොට්ට යොදා වැලිකොට්ට සූදානමින් සිටිති

අද දිනයේ ද වැසි ඇද වැටුණොත් පාර්ලිමේන්තුවේ බිම් මහලට ජලය ගලනු ඇතැයි සේවකයන් කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *