Sep 17

සරාගී නිළි ප්‍රියංකා චොප්රාගේ ආදරණිය සැමියා නික් ජෝන්ස් 27 වැනි උපන්දිනය සමරයි – Photos

nick jonas කියන්නේ කටහඩින් වගේම රංගන දක්ෂතාවයෙන් ලෝකයේම අවධානය ඔහු වෙන නම්මාගත් කඩවසම් කලාකරුවෙක්. ප්‍රියංකා චෝප්රාව විවාහ කරගත් නිසා ආසියාවේ අවධානයත් ඔහුට නිතැතින්ම හිමි වුනා. ඒ කඩවසම් නළුවාගේ උපන් දිනය යෙදී තිබුනේ ඊයේ. නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන ඔහු ඊයේ දිනයේත් කතාබහට ලක් වුනා. ඒ 27 වැනි උපන්දින සැමරුමත් එක්ක. ඔහුට ආදරණියම සුබ පැතුම හිමි වුනේ ඔහුගේ ආදරණිය බිරිදගෙන්. ප්‍රියංකා ඔහුට සුබ පතා තිබුණේ මෙහෙමයි,

” මගේ ජිවිතේ ආලෝකය ඔබයි , ඔබත් එක්ක ඉන්න හැම දවසක්ම අවසන් වෙන්නේ හොදම විදිහට. ඔබ ලෝකයේ සියලුම සතුට ලබන්න සුදුස්සෙක්. ඔබ මට ත්‍යාගශීලි ආදරනියම මිනිසෙක්. ඒ සියල්ල මට දුන් ඔබ මගේ වූ ඔබට ස්තුතියි. සුබ උපන් දිනයක් පණ, මම ඔයාට ආදරෙයි..”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *