Sep 25

දරු දෙදෙනාට කෑම ගේන්න ගිය 25 හැවිරිදි රූමතිය සමූහ දූෂණය කළ නරුමයින් 4 දෙනෙකුට අවසානයේ සිද්ධ වුණු දේ

දෙදරු මව පැහැරගෙන ගොස් හෝටලයකදී දූෂණය කරලා..
වසර 6කට පසු සැකකරුවන්ට ලැබුණූ අධිකරණ නියෝගය..?
 
රාත්‍රි තම සේවාමුරය (වැඩ මුරය) අවසන් වී නිවසට යැමට ප්‍රථම තම කුඩා දරු දෙදෙනාට රාත්‍රී ආහාර මිලදී ගැනීමට අවන්හලක්‌ වෙත පැමිණි 25 හැවිරිදි රූමත් දෙදරු මවක්‌ පැහැර ගෙන ගොස්‌ සමූහ දූෂණයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ තරුණයන් සිවු දෙනෙකු එක්‌ අයකුට රුපියල් පනස්‌ දහසක්‌ බැගින් මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂය බැගින් ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළා.

අධිචෝදනා ලබා ඇප නියමවූ සැකකාර තරුණයන් වූයේ හෝටල් ක්‍ෂේත්‍රයේ රැකියාවල නියුතු ගම්පහ සහ හසලක යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන එම්. මනිල් කෞෂිකි ලක්‌මාල්, ඩී. ලහිරු ධනුෂ්ක. පත්මසිරි තිසරු මනරංග ජයසිංහ සහ සුරංජන රංජිත් ප්‍රේමසිරි නමැත්තන්.
2013 ඔක්‌තෝබර් මස 27 වැනිදා සීදුව බණ්‌ඩාරවත්තේ පදිංචිව 25 හැවිරිදි දෙදරු මව පැහැර ගෙන ගොස්‌ සීදුව හෝටලයකදී ඇය සමූහ දූෂණයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවෝ අධිචෝදනා ලැබ සිටියා.
මෙම දෙදරු මව පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව දැනගත් ඇය සේවය කළ ආයතනයෙන් සිද්ධිය සීදුව පොලිසියට වහා දැනුම් දීමෙන් අනතුරුව පොලිසියෙන් පැමිණ එම හෝටලයේ කාමරයක්‌ තුළ කාන්තාව සමඟ රැඳීසිටි විත්තිකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
වැඩිදුර විභාගය නොවැම්බර් මස 9 වැනිදා පැවැත්වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *