Feb 26

මලයාලම් කෙල්ලගෙ ඇස් ගැහිල්ල ලෝකයම කළඹලා

oru-other-love

මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි හරහා ව්‍යාප්ත වන “ඔරු අදර් ලව්” යන නවතම මලයාලම් චිත්‍රපටයේ ඉගිමරන ජවනිකාවක් බොහෝ දුරදිග ගොස් තිබේ. ලොව පුරා වෙසෙන සුවහසක් රසිකයෝ මෙම රංගන ශිල්පිනියගේ ඉගි මැරිමට සතුට පළ කරමින් ඇගේ ඡායාරූප හා වීඩියෝව බෙදා ගනිමින් සිටිති. ඇගේ මේ මන කළඹන රංගනය ක්‍රීඩා ලෝකය ද උඩු යටිකුරු කර ඇත. ඉන්දියාවෙන් ලැබෙන වාර්තා වලට අනුව ඇගේ මෙම රූප රාමුවට වහ වැටුණු මිනිසුන් ඇයට දක්වා ඇති සිය එකඟත්වය ලොව ප්‍රකට පාපන්දු ක්‍රීඩක
රොනාල්ඩෝටත් අහියෝගක් වෙමින් ඇතැයි පැවසේ. දිනක් තුළ වැඩිම හුවමාරුවීම් හා කැමැත්ත ප්‍රකාශ කිරීම ප්‍රමාණයක් වාර්තා වූ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ තොරතුරු හුවමාරු පද්ධතිවල එයට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. එම හුවමාරුවීම දෙවැනි වනුයේ රොනාල්ඩෝ හා කයිලි ජෙනර් පමණි.

දහ අට හැවිරිදි ප්‍රියා ප්‍රකාශ් වේරියර් මෙම මලයාලම් චිත්‍රපටයට එක්වී සුළු චරිතයක් වෙනුවෙන් නමුත් ඇයට යමක් කළ හැකි චරිතයක් ලබා දිය හැකි බව එහි අධ්‍යක්ෂවරයා තීරණය කිරිමෙන් අනතුරුව දැන් රගපානු ලබන චරිතය හිමිව තිබේ. එහි එන මෙම සුප්‍රසිද්ධියට පත් ජවනිකාව තත්පර විසි අටක කාලයක් පුරා විහිදෙන බව පැවසෙන අතර එයට පෙර
ඇහි බැම ඔසවා ඉගි බිගි පාන්නට හැකිදැයි අධ්‍යක්ෂවරයා ඇගෙන් සහ ඇගේ සහය රංගන ශිල්පියාගෙන් විමසා ඇත. ඒ අනුව කිසිදු පෙර පුහුණුවකින් තොරව එම ක්‍රියාව උත්සාහ කර බැලීමට ඇය හා ඔහු උත්සුක වී තිබේ. එහි ප්‍රතිඵලයක් අනුව මෙම රංගනය නිරායාසයෙන් ඔවුන්ගෙන් ඉදිරිපත් වී ඇති අතර පසුව
ඇහි බැම එසවීමත් සමග ඇසක් වසා ඉගිකිරීමක් දන්වා එය වර්ධනය කරන්නැයි අධ්‍යක්ෂවරයා ඇයට යෝජනා කර තිබේ.
එහි අවසන් ප්‍රතිඵලය ඇයට මෙම ජනප්‍රියත්වය දිනාගැනීමට තරම් හේතුවීම වෙනකකුට තබා ඇයට ද තේරුම්ගැනීමට නොහැකි සිදුවිමත්ව තිබේ. ‘මට ඕනෑ නෑ ඇස් ගසන රැජිණ වගේ ජනප්‍රිය වෙන්න. මට අවශ්‍ය හොඳින් රංගනයේ යෙදිලා ජනප්‍රියත්වයට පත්වෙන්නයි. කොහොම වුණත් මේ ලැබුණු ජනප්‍රියත්වය ගැන සතුටුයි.” ඇය ප්‍රකාශකර ඇත. මේ අතර සුපිරි ඉන්දීය පිතිකරුවන් වන විරාත් කෝලි, එම්.එස්.දෝනි වැන්නන්ට වඩා වැඩි වේගයකින් ඇය ලොව පුරා ජනප්‍රියත්වෙමින් පැවතීම ද විශේෂත්වයකි. ඉන්දියාවට අමතරව ඊජිප්තුව, පාකිස්තානය ඇතුළු ලොව පුරා ප්‍රේක්ෂකයන් තුළ ඇය ප්‍රසාදයට පත්වී ඇත.

අදාළ ජවනිකාව තිබෙන චිත්‍රපට ගීතයේ විඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *