Jan 06

පිළියන්දලට ගිය 17 හැවිරිදි හෂිනි අතුරුදන් වෙලා – දැරියගේ පියා හැඬූ කඳුලින් – Photo

piliyandala-girl-missing
පිළියන්දලට ගොස් නැවත එන බව පවසා නිවසින් පිට වූ දැරියක් අතුරුදන්ව ඇති බව ඇයගේ පියා වන රාජරත්න පීරිස් පවසනවා.

හෂිනි ගංගානි නමැති 17 හැවිරිදි මෙම දැරිය නිවසින් පිටව ගොස් තිබෙන්නේ නොවැම්බර් 20 වනදා බවයි ඇයගේ පියා අප වෙත ප්‍රකාශ කළේ.

පිළියන්දල සුවාරපොල ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය අතුරුදන්වීම පිලිබඳ ඇයගේ මව විසින් අතුරුදන් දිනයේම පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

දැරියගේ පියා වන රාජරත්න පීරිස් පවසන්නේ දැරියගේ තොරතුරක් වෙතොත් ඔහුගේ ජංගම දුරකථන අංකය වන 0774806989 අංකයට හෝ පිළියන්දල පොලිසියට දැනුම්දෙන ලෙසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *