Feb 01

දිවයිනේ මහා මෙහෙයුමක් – දහස්ගණනක් අත්අඩංගුවට

police-news
ඊයේ රාත්‍රි 11 සිට අද අලූයම 3 දක්වා මාර්ග බාධක 1308 ක් යොදා දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලින් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1670 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී වරෙන්තුකරුවන් 397 ක් සහ බීමත් රියදුරන් 719 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මීට අමතරව නීතිවිරෝධී ගිනි අවි ළඟ 5 ක් සහ විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 554 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගංජා කිලෝ 11 යි ග්‍රෑම් 293ක්, හෙරොයින් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 943 ක් සහ නීතිවිරෝධී මත්පැන් ලීටර 3860 ක්ද මෙම මෙහෙයුමේදී පොලිස් භාරයට ගැනුනා.

එසේම රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 3715ක්ද ගොනුකර ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙහෙයුමේදී පුද්ගලයින් 42,673 දෙනෙකු සහ වාහන 20,913 ක් පරීක්ෂාවට ලක් කළ බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *