Jan 03

100% කින් වැඩිවුණු මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනාව මෙන්න

postal-budget
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන මුද්දර සඳහා වූ දීමනාව සියයට සියයකින් වැඩි කරන්නට රජය තීරණය කර තිබෙනවා.

මීට පෙර මන්ත්‍රීවරයෙකු සඳහා වසරකට ලැබුණු මුද්දර ගාස්තුව එක්ලක්ෂ 75,000 ක් වූ අතර එය ලක්ෂ තුනහමාර දක්වා වැඩි කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

පළාත් සභා මන්ත්‍රීවරයෙකුට වර්ෂයක් සඳහා රුපියල් 24,000 ක මුදලක් මුද්දර ගාස්තු ලෙස ලැබෙන අතර එය රුපියල් 48,000 දක්වා වැඩි කර තිබෙනවා.

විදෙස් තැපැල් සේවා සඳහා වූ ගාස්තු වැඩි කිරීම හේතුවෙන් මේ තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *