Sep 27

අමතර පන්තියේදී හමු වූ තරුණියට කළ පෙම් ඇරයුමට අකමැති වූ නිසා නොකා නොබී සිටි 22 හැවිරිදි තරුණයාට සිදු වු දේ

තරුණියකගෙන් මාස කිහිපයක් තිස්සේ ඉල්ලූ ආලය නොලැබුණැයි කනස්සල්ලට පත් තරුණයෙක් දින ගණනාවක් නිරාහාරව සිටියදී ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

පෙරේදා (25දා) රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයාගේ වයස අවුරුදු 22කි. තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා වන එකී තරුණයා අධ්‍යාපන සුදුසුකම්වලට අනුව මේ වන විට රැකියාවක් බලාපොරොත්තුවෙන් නිවෙසේ පසුවෙමින් සිටියි. එකී තරුණයාගේ පියා විදේශ රටක රැකියාවක් කරන අතර මව දරුවන් තිදෙනා රැකබලාගෙන නිවෙසේ පසුවෙමින් සිටියි.

මෙම තරුණයා මාස ගණනාවක සිට කෑගල්ල නගරයේ අමතර ඉංග්‍රීසි පන්තියකට යන එන සුරූපී 21 හැවිරිදි තරුණියකට පන්තියට සහභාගි වූ මුල් අවස්ථාවේදී සිටම සිතින් පෙම් කර ඇති බව වාර්තා වෙයි. තරුණිය පන්තියට පැමිණි අවස්ථාවේ සිටම පන්තිය අවසන් වනතුරුම තරුණයා තරුණිය දිහා බලා සිටිනවා මිස අධ්‍යාපන කටයුතු නිසි අයුරින් සිදුකර ගැනීමට උත්සාහ දරා නැත.

දිනක් පන්ති අවසන් වීමෙන් පසුව තරුණිය බස් නැවතුම්පොළ වෙත පා ගමනින් ගමන් කරන අවස්ථාවේදී තරුණිය ළඟට දිව ගොස් ‘නංගීි මම ඔයාට මාස කිහිපයක සිට සිතින් ආදරය කරනවා. ඔයා ඒකට මොකද කියන්නේ’ යනුවෙන් විමසීමක් කළේය. තරුණිය පසුව තරුණයාගේ මුණ දෙස බලා ‘මට කෙනෙක් ඉන්නවා’ යනුවෙන් ප්‍රකාශ කරමින් ගස්සාගෙන විගස බස් නැවතුම්පොළ වෙතට දිව ගියාය. තරුණයාද එදා වේදනාවෙන් සිය නිවෙස වෙත ගිය බව වාර්තා වෙයි.

තරුණිය එසේ තරුණයාට ප්‍රකාශ කළද තරුණයා අබමල් රේණුවකවත් තරමින් ඇයට ඇති ආදරය අඩුවක් කළේම නැත. පසුගිය 19 වැනිදා පන්තියට පැමිණ තරුණයා පන්තිය අවසන් වී යන අවස්ථාවේදී තරුණිය අසලට ගොස් ‘නංගී සමාවෙන්න ඔයාට කෙනෙක් හිටියට කමක් නෑ. නමුත් තාම මැරි කරලා නෑනේ. මමත් ඔයාට ගොඩක් ආදරෙයි’ යනුවෙන් පැවැසීය. තරුණිය එදිනද ගස්සාගෙන කේන්තියෙන් දිව ගියාය.

එදින තරුණියගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබුණු තරුණයා සිතේ වේදනාවෙන් නිවෙසට පැමිණ තිබිණි. දින කිහිපයක් තරුණයා නිරාහාරව සිටින අවස්ථාවේදී මව තරුණයාගෙන් කෑම කන්නේ නැත්තේ මන්දැයි විමසුවාය. මවට කිසිම පිළිතුරක් ලබා නොදුන් තරුණයා පෙරේදා 25දා නිරාහාරව සිටියදී ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *