Dec 22

රයිගම් දෙවැනි බැත ‘බන්ඩි ෆුල්’ ක්‍ෂණික සහල් නූඩ්ල්ස්‌ හදුන්වාදෙයි

මීට වසර 5 කට පෙර රයිගම් සමූහ ව්‍යාපාරය දෙවැනි බැත සහල් නූඩ්ල්ස්‌ දේශීය වෙළඳපළට හඳුන්වාදෙමින් එතෙක්‌ පාන් පිටි නූඩ්ල්ස්‌ මත යෑපෙමින් සිටි ශ්‍රී ලාංකීකයන්ට සෞඛ්‍ය සම්පන්න එමෙන්ම පහසුවෙන් පිළියල කරගත හැකි ආහාර නිෂ්පාදනයක්‌ ලබා දීමට හැකි වූ බව සඳහන් කරන්නේ ඉමහත් ආඩම්බරයෙනි. එමගින් සමාජ ආර්ථික සහ සෞඛ්‍යමය වශයෙන් පෙරළියක්‌ සිදුවිය. පාන්පිටි ආනයන සඳහා වාර්ෂිකව වැය කළ විදේශ විනිමය අති විශාල ප්‍රමාණයක්‌ ඉතිරි කර ගැනීමට හැකි වූ අතර දේශීය සහල් ගොවියාට නිසි වටිනාකමක්‌ ලබාදීමටද හැකි විය. සමාජමය වශයෙන් ගත්කල වර්තමාන නාගරික ජනතාව අපේක්‍ෂා කරන්නේ ක්‍ෂණිකව හා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාර නිෂ්පාදනයන්ය. අපේ රටේ සහල්වල, පාන් පිටිවල අඩංගු රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසාවෙන් ක්‍ෂණික ආහාර නිපදවීම සඳහා යොදා ගැනීමේ ගැටලුවක්‌ පවතී. සහල් පිටි පාන් වෙනුවට සහල් පිටි මිශ්‍ර පාන්ද සහල් පිsටි නූඩ්ල්ස්‌ වෙනුවට සහල් පිටි මිශ්‍ර නූඩ්ල්ස්‌ ද වෙළඳපලට පිවිසියේ එබැවිනි. මෙම ගැටලුව තාක්‍ෂණික වශයෙන් ජයගෙන ජලය සහ සහල්පිටි පමණක්‌ භාවිතා කර සහල් පිටි නූඩ්ල්ස්‌ නිෂ්පාදනයක්‌ දෙවැනි බැත නමින් ජනගත කිරීම සමාජ පෙරළියක්‌ වන්නේ එබැවිනි. තවද වැරදි ආහාර හා ජීවන රටාව හේතුකොටගෙන දිනෙන් දින ව්‍යාප්ත වන දියවැඩියාව, ස්‌ථූලතාවය වැනි රෝග සඳහා අධික ලෙස පාන් පිටි අනුභවය ප්‍රධාන සාධකයකි. රයිගම් දෙවැනි බැත ඔස්‌සේ එසේ පාන්පිටි බුදින ජනයාට ඉතා සෞඛ්‍යාරක්‍ෂිතව නූඩ්ල්ස්‌ තාලයට ”අපේ බත” ආහාරයට ගැනීමේ අවස්‌ථාව දෙවැනි බැත මගින් නිර්මාණය කර ඇත.

පෙරළිකාර දෙවැනි බැත නිෂ්පාදන මාලාවේ මීළඟ වෙඩි මුරය වන්නේ ඉතා පහසුවෙන් පිළියෙල කළ හැකි ක්‍ෂණික නූඩ්ල්ස්‌ ආහාර වේලක්‌ බන්ඩි µqල් නමින් වෙළඳපළට හඳුන්වා දීමයි. එහි අඩංගු නූඩ්ල්ස්‌ සීයයට සීයයක්‌ම සහල් පිටි පමණක්‌ භාවිතා කර නිපදවා ඇති අතර ඒ සමඟ ලැබෙන කුළුබඩු, විජලනය කළ එළවළු, තෙල් භාවිත කර එක්‌ අයකුට ගැලපෙන අංග සම්පූර්ණ රසවත් ආහාර වේලක්‌ ක්‍ෂණිකව පිළියෙල කරගත හැකිය. මෙහි එම්. එස්‌. ජී. (M S G) සහ වර්ණක අඩංගු නොවන අතර වෙළඳපළේ පවතින වෙනත් ක්‍ෂණික නූඩ්ල්ස්‌ වලට සාපේක්‍ෂව බැලීමේදී සෞඛ්‍යාරක්‍ෂිත භාවය ඉතා ඉහළ මට්‌ටමක පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *