Feb 26

මම දෙවියන්ට වෛර කරනවා මම ශ්‍රී දේවිට වෛර කරනවා – රාම් ගොපාල් වර්මාගේ සටහන

මම දෙවියන්ට වෛර කරනවා 
මම ශ්‍රී දේවිට වෛර කරනවා
– රාම් ගොපාල් වර්මාගේ සටහන

සුපිරි නිළි ශ්‍රී දේවීගේ අභාවයෙන් පසුදා බොලිවුඩයේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මා ෆේස් බුක් වෙත එක් කළ අපූරු සටහන මේ වනවිට ඉන්දීය පුවත්පත්වල පවා පළ කර තිබේ.
‘මම දෙවියන්ට වෛර කරනවා – මම ශ්‍රී දේවිට වෛර කරනවා ‘යනුවෙන් ඔහු මෙම සිදුවීමෙන් ඇතිවූ කම්පනය සමග අදහස් පළ කර සිටියේ මෙතරම් සුවිශේෂ කෙනෙකුටත් වෙලාව ආ විට මිය යන්නට සිදුවීමේ සොබාදහමේ යථාර්ථය ගැන පහදමිනි.
එම සටහන පහත පරිදිය.
‘මට හීනෙන් වගේ එදා රෑ ජංගම දුරකථනය පරීක්ෂා කරද්දී දැනගන්නට ලැබුණ ආරංචිය ගැන හිතාගන්නවත් බෑ. ශ්‍රී දේවී ගැන ඒ කියැවුනේ නපුරු හීනයක් බව මුලින් සිතුණා. නමුත් මට ලැබුණ මැසේජ් 50 කින්
විතර ඒ අහඹුව තහවුරු කර තිබුණා.
මම ඇයගේ මුල්ම චිත්‍රපටය දුටුවේ සරසවියේ සිටි කාලයේ “padaharella vayasu” එදා සිට මං ඇයට වසඟ වුණා. චිත්‍රපට ශාලාවෙන් පිටතට එද්දි මේ නම් සැබෑ මිනිස් කාන්තාවක විය නොහැකියි ඇය දෙවියන් එවූ දූතිකාවක් කියන හැඟීම මට දැනුණා.

පසු කාලයක මගේ චිත්‍රපටවලත් වැඩ කරලා ඇය ගැන හොඳ අවබෝධයක් ඇතිවුණාට පසුවත් මට ඒ සිතිවිල්ල තවම තියනවා. මේ ලෝකයට ඇය ටික කලකට එවන්නට ඇතිය කියලයි මට හිතෙන්නේ.
ඇය මනුෂ්‍යත්වය පිළිබඳ සුවිශේෂී දේව තෑග්ගක් .නැතිනම් දෙවියන් මිනිස්කම වෙනුවෙන් නිර්මාණය කරන ලද ආදර්ශ මැවිල්ලක්.

මට ශ්‍රී දේවි මුල්වරට මුණගැසුණ ඒ රෝමාන්තික ඉටිපන්දම් එළි රාත්‍රිය ගැන මෙතැන්දි නොකියාම බෑ.මගේ මුල්ම චිත්‍රපටය වන “ශිව” රූගත කිරීම් යෙදී තිබුණ වීදියට එහා වීදියේ ශ්‍රී දේවි ඇගේ මව සමග ඒකාලේ වාසය කළා. මං ෂූටින් අතර ඒ ගෙදර බලන්නත් ගියා. ඇත්තටම හරි මෝඩ පාට සාමාන්‍ය ගෙයක්. මං ඇයව මුණ ගැහෙන්න ආසාවෙන් හිටියත් එය ඒ කාලෙ පහසු වුනේ නෑ. ශිව චිත්‍රපටය සාර්ථක එකක් වුණාට පසු ඊළඟ චිත්‍රපටය සඳහා මට ශ්‍රී දේවිය තෝරගන්න අවස්ථාවක් උදාවුණා. ඒ සඳහා කථාකරගන්න මං ගියේ අර කියපු මෝඩ පහේ ගෙදරට.

අපි යන වෙලාවේ ඒ පළාතෙ විදුලිය නෑ. ඉටිපන්දම් එළියෙන් තමා ගෙදර අය හිටියේ. ඒ අතරේ ශ්‍රී දේවිට මුම්බායි යන්න ගුවන් ගමනක් යෙදිලා ඇය එහි යන්න සූදානමින් හිටියේ. අපි සාලයේ වාඩි වුණාට වැඩිපුර කථාකරන්න ලැබුනෙ ඇය එක්ක නෙමේ ඇගේ මවත් එක්ක. ටිකකින් මගේ මනෝ රාජ්‍යය තුළ රැජිණ වුණ ශ්‍රී දේවී අප ඉදිරියට ආවා. ඉටිපන්දම් එළි අඩ අඳුරේ මං ඇත්තටම ඇයව දුටුවෙ දෙවඟනක් වගේ. ඇය ප්‍රමාදය ගැන අපෙන් සමාව ඉල්ලුවා. අපේ වැඩේට කැමති වුණා.
ඒ අනුව Kshana Kshanam චිත්‍රපටයට ඇය රඟපාන්න ගිවිස ගත්තා. ඒක මං ඇය වෙනුවෙන් ලියපු ආදර රචනාවක් වගේ. ඒ චිත්‍රපටයේ ෂූටින් වලට ඇය නන්දියල් ගම්මානයට එක්ක යන කොට ඒ පළාතෙම කඩවල් පාසල් ගෙවල් වහල දාලා. හේතුව ශ්‍රී දේවිව බලන්න මිනිස්සු නිවාඩු දාගෙන රොක්වීම.ශ්‍රී දේවී යනු ඉතාම ලස්සන හා ඉතාමත් සංවේදී කාන්තාවකි. දෙවියන් වහන්සේ වසර දහසකට වරක් මෙවැනි එක් අයෙකු නිර්මාණය කරනු ඇතැයි මගේ හැඟීමයි.
ඇය තව දුරටත් නොසිටින බව මට තවමත් විශ්වාස කළ නොහැකි අතර ඇගේ මතකයන් පිළිබඳව මගේ ජීවිත කාලයේම මතක් කරගතහැකි වනු ඇත.මෙවැනි කම්පන තත්වයන් අපට දරාගන්නට ඉඩ නොදෙන්න.
මම ශ්‍රී දේවිට වෛර කරනවා
මම ශ්‍රී දේවිට වෛර කරන්නේ ඇයගේ මරණයෙන් පසු ඇය තවත් එක් මිනිස් ජීවිතයක් බව මට ඒත්තු ගැන්වූ නිසාය.
මම ඇගේ හදවතට වෛර කරනවා
ඇයගේ හදවත ඇගේ ජීවිතය අහිමි කරන්නට මුල්වූ තැනයි.
මම මට වෛර කරනවා, ඇයගේ මරණය දරාගන්නට මට සිදුවූ නිසා වෛර කරමි.
මම දෙවියන්ට වෛර කරනවා.ඇයව ඉක්මණින් අපගෙන් වෙන් කළ නිසාය.

ඔබ කොහේ සිටියත් මම ඔබට ආදරෙයි … මම හැම විටම ඔබට ආදරෙයි.

– රාම් ගෝපාල් වර්මා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *