Sep 23

බොලිවුඩ‍යේ සුපිරි තරු දෙකක් වන රන්බීර්ගේ සහ ආලියාගේ විවාහය අද හෙටම – Photos

බොලිවුඩයේ ජනප්‍රියතම පෙම් යුවල බවට මේ වන විට හඳුන්වන්නේ රන්බීර් කපූර් සහ ආලියා භාට් දෙපලයි.

මේ ආදරණීය යුවල එලඹෙන ඔක්තෝබර් මාසයේදී විවාහ ගිවිසගැනිමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් මේ වන විටත් ආලියාගේ සහ රන්බීර් ගේ ඥාතින් මෙන්ම සමිතම මිතුරු, මිතුරියනද දැනුවත් කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඔක්තෝබර් මාශයේදී විවාහ ගිවිස ගැනීමේ උත්සවය තිබුණද දෙදෙනාගෙ මංගල උත්සවය තවත් වසර දෙකකින් පමණ සිදු වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ වගේම පසුගිය දිනවල ආලියා සහ රන්බීර් සති දෙකක් රටවල් කිහිපයකම සංචාරය කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *