Jan 10

රටට මහා අපකීර්තියක් කල දූෂකයා සොයා පොලිසිය නුවරඑළිය පීරයි

raped-case
නුවරඑළිය පොලිස්‌ වසමට අයත් සිංගල් ට්‍රී ප්‍රදේශයේදී ස්‌විස්‌ටර්ලන්ත ජාතික 18 හැවිරිදි තරුණියක බියගන්වා දූෂණය කළේ යෑයි කියන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිසිය මෙහෙයුමක්‌ ආරම්භ කර තිබෙනවා.
පසුගිය 7 දා පෙ.ව. 11.00 ට පමණ තමා ලඳු කැලෑවක්‌ සහිත සිංගල් ට්‍රී ප්‍රදේශයේ කඳු මුදුනට තනිවම පයින් ගමන් කරන අවස්‌ථාවේ පිහියක්‌ අතැතිව පැමිණි අයකු බෙල්ලට පිහිය තබා තමා බිය ගන්වා දූෂණය කළ බවටයි ඇය නුවරඑළිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඒ ඔස්‌සේ ක්‍රියාත්මක වූ නුවරඑළිය මූලස්‌ථාන පොලිසිය නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී මහින්ද දිසානායක මහතාගේ උපදෙස්‌ පරිදි මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක චන්දන බස්‌නායක මහතාගේ සෘජු මැදිහත්වීම යටතේ සැකකරු සොයා පොලිස්‌ කණ්‌ඩායම් 4 ක්‌ යොදවා පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
 ඊයේ (09) මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
නුවරඑළිය මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ මැදිහත්වීම යටතේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ සිදුකරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *