Jan 20

ගමක් හඬවා අවසන් ගමන් ගිය ක්‍රිකට් තරුව – Video & Photos

මුහුණු පොතෙත් අමුතු පෝස්ට් එකක් දාලා..

රත්මලාන මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු පසුගියදා දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වූවා.

අනතුරින් දිවි බේරාගත් තවත් තරුණයෙක් ප්‍රතිකාර ලබන්නේ කලුබෝවිල ශික්ෂණ රෝහලේයි.

රත්මලාන – සයුරපුර නිවාස සංකීර්ණය ආසන්න මුහුදු තීරයේදී තරුණයින් තිදෙනා දිය නාමින් සිට ඇත්තේ පසුගියදා (17)පස්වරුවේයි.
එකවරම පැමිණි රළ පහරකට හසුවී ඔවුන් දියඹට ඇදී ගොස් තිබෙනවා.

අතුරුදන්වූ තරුණයින් දෙදෙනා සොයා පසුගියදා රාත්‍රී වනතුරුත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළත් ඔවුන් සොයා ගැනීමට හැකිවුණේ නැහැ.

ඊයේ පෙරවරුවේ අඟුලාන පොලිසිය සහ ප්‍රදේශවාසීන් තරුණයින් සොයා යළි මෙහෙයුම් ආරම්භ කළ අතර, රාගල නාවික හමුදා කදවුරේ නිලධාරීන් ද ඊට එක්වුණා.

සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වන අතරතුර, 16 හැවිරිදි කවිදු රන්දුල නැමැති පාසල් සිසුවාගේ සිරුර ඊයේ පෙරවරුවේ වෙරළට ගොඩගසා තිබුණා.
පසුව 24 හැවිරිදි සුපුන් මධුශංකගේ සිරුර සොයා ගැනුණේ රත්මාන දුම්රිය ස්ථානය අසල මුහුදු තීරයේ පාවෙමින් තිබියදියි.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලිසිය පරීක්ෂණ පවත්වන අතර බේරාගැනුණු තරුණයා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ සුපුන් මධුසංඛ රත්මලාන ප්‍ර දේශයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟ වලිදී කැපී පෙනෙන දක්ෂතා දක්වමින් කාගෙත් ආදරය දිනාගත් තරුණයෙකු බවයි වාර්තා වන්නේ.
ඔහු ක්‍රිකට් තරඟ වලදී දිනාගත් සම්මානද රැසක් ඇති බවයි ඔහුගේ මිතුරන් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *