Sep 21

කුසේ දරන් නුඹ එනකල් කුස පිරිමදිමින් මඟ බලන් හිටිය නුඹේ අම්මා මමයි..” – අලුත උපන් දරුවාගේ ඡායාරූප කිහිපයක් එක්කරමින් රිද්මා පිලපිටිය මුහුණු පොතේ තැබූ සටහන – Photos

රොෂාන් පිලපිටිය කියන්නේ කාලයක් පුංචි තිරයේ හිටපු අහිංසක පෙම්වතෙක්. මේ වෙද්දී විවිධ චරිත ඔස්සේ පුංචි තිරයෙන් දකින්න ලැබෙන රොෂාන් පසුගිය 7 වෙනිදා පුංචි පුතෙකුට තාත්තා කෙනෙක් වුණා.
 
දරු සුරතල් එක්ක ජිවිතේ ගෙවන රොෂාන් – රිද්මාගේ පුංචි පුතා තමයි රාහුල්. ඉතින්.. පුංචි පුතාගේ ඡායාරූප කිහිපයක් සමඟ රිද්මා පිලපිටිය මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.
 
එම සටහන හා ඡායාරූප පහතින්..

 

පොල්වත්තේ රාජපක්ෂ රාජකරුණා වාසල මුදියන්සේලාගේ “රාහුල් පෘථිවි ” බණ්ඩාර අභයසිංහ පිලපිටිය.
නුබ ඉපදුනු දා මා ද සම්පූර්න වුනා මගේ රත්තරං පුතේ 2019/09/06
දස මසක් කුසේ දරන් නුබ එනකල් කුස පිරිමදිමින් මග බලන් හිටිය නුබේ අම්මා මමයි
රතු ලේ සුදට හැරවුනේ නුබේ කෙරේ ඇති අසීමිත සෙනෙහේ නිසයි
සසර පුරා නුබ මගේම පුතු වෙලා මගේ කුසේම ඉපදෙන්න ඇතී සිතුනා
සිගිති මුවේ රන් සිනා දකින හැම වාරේ මා කොතරම් වාසනාවන්ත ද කියා සිතුනා.
රොශාන් පිලපිටිය /රිද්මා පිලපිටිය /රාහුල් පිලපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *