Jul 30

රිෂාඩ් ඇතුළු මුස්ලිම් ඇමතිවරු 4 ක් දිවුරුම් දෙති

සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල අද සන්ධ්‍යාවේ දිවුරුම් දුන්හ. වැඩිම දෙනෙකුගේ කථාබහට ලක්වූ රිෂාඩ් බදුර්දීන්ද නැවත ඇමතිධූරයේ වැඩභාරගැනීම විශේෂිතය.
ජනාධිපති නිල නිවසේ දී
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ

යළිත් අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන් අය පහත පරිදිය. මේ අතර බුද්ධික පතිරණ මහතාද සංශෝධන සහිතව නැවත රාජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දුන්නේය.
දිවුරුම් දුන් අය හා තනතුරු මෙසේය.

  •  රිෂාඞ් බදියුදීන් මහතා – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
  • රවුෆ් හකීම් මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
  • අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා – කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
  • අබ්දුල්ලා මහරුෆ් මහතා – වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
  • බුද්ධික පතිරණ මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *