Jan 09

සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය සාරාට අයුතු යෝජනාවක් කළ තරුණයාට වුණු දේ – Photos

sara-tendulkars-stalker-who-threatened-to-kidnap-her-called-sachin-his-father-in-law6
සචින් තෙන්ඩුල්කාර් කියන්නේ මුළු ලෝකයම දන්න සුපිරි ඉන්දියානු ක්‍රීඩකයෙක්. ඔහුගේ දියණිය සාරා තෙන්ඩුල්කාර්. ඇය අවුරුදු 20ක යුවතියක්. ඇයට අයුතු යෝජනා කළ පුද්ගලයෙකු බටහිර බෙංගාලයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

32 හැවිරිදි ඩෙබ් කුමාර් නැවති මෙම පුද්ගලයා දුරකථන  ඇමතුම් හා කෙටි පණිවුඩ මාර්ගයෙන් මෙලෙස සාරා තෙන්ඩුල්කාර්ට අයුතු යෝජනා සිදු තිබෙන බවයි සදහන් වෙන්නේ. එහිදී තමාව විවාහ කර ගන්නා ලෙසත් එසේ නැතහොත් ඇයව පැහැරගන්නා බවත් මෙම පුද්ගලයා විසින් සාරාට තර්ජනය කර තිබෙනවා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම පුද්ගලයා පවසා ඇත්තේ තරගයක් නැරඹිමට පැමිණ සිටි සාරාව තමන් මුල්වරට දුටු නමුත් කිසි දිනක තමන් ඇයව පෞද්ගලිකව හමුවී නොමැති බවයි.

පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

20 හැවිරිදි සාරා සචින් ගේ වැඩිමහල් දියණියයි. ඇයට අමතරව අර්ජුන් තෙන්ඩුල්කාර් (18) ලෙසින් පුතෙකුද සචින්ට සිටියි.

44 හැවිරිදි සචින් තෙන්ඩුල්කාර් අන්තර්ජාතික තරග වල වැඩිම ලකුණුලාභියා ලෙසින් ඉතිහාසගත වන අතර මේ දක්වා ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවෙකුද ලෙසින් සැලකේ.
sara-tendulkars-stalker-who-threatened-to-kidnap-her-called-sachin-his-father-in-law
sara-tendulkars-stalker-who-threatened-to-kidnap-her-called-sachin-his-father-in-law
sara-tendulkars-stalker-who-threatened-to-kidnap-her-called-sachin-his-father-in-law1
sara-tendulkars-stalker-who-threatened-to-kidnap-her-called-sachin-his-father-in-law1
sara-tendulkars-stalker-who-threatened-to-kidnap-her-called-sachin-his-father-in-law2
sara-tendulkars-stalker-who-threatened-to-kidnap-her-called-sachin-his-father-in-law2
sara-tendulkars-stalker-who-threatened-to-kidnap-her-called-sachin-his-father-in-law3
sara-tendulkars-stalker-who-threatened-to-kidnap-her-called-sachin-his-father-in-law3
sara-tendulkars-stalker-who-threatened-to-kidnap-her-called-sachin-his-father-in-law4
sara-tendulkars-stalker-who-threatened-to-kidnap-her-called-sachin-his-father-in-law4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *