Sep 13

බිනර පුර පසළොස්වක පොහෝ දින හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට එන ‘පීතු පාදං නමාමි’ සසර සෙවණැලි පොහෝදා ටෙලිවෘතාන්තය රූ ගත කෙරුණු හැටි – Video & Photos

සංවේදී හදවත් අවදිකරන “සසර සෙවණැලි” ඒකාංගික පොහෝදින නාට්‍ය මාලාව සෑම පොහෝ දිනකම හිරු ටීවී තුළින් විකාශය වනවා.

පිය සෙනෙහස තේමා කරගෙන සමාජයට යහපත් පණිවුඩයක් රැගෙන අර්ථවත් කතාවක් මෙවර සසර සෙවණැලි තුළින් ඔබ වෙත ගෙන ඒමට හිරු පිරිවර සියළු කටයුතු සූදානම් කර අවසන්.
නිහාල් ප්‍රනාන්දු ,  සුලෝචනා වීරසිංහ , සුරාජ් මාපා , රොහානි වීරසිංහ , සොලමන් ඩයස්  , ළමා චරිතයෙන් දහම්සා දිනෙත්මි ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායක වනවා.
‘පීතු පාදං නමාමි’ නම්  මෙම ටෙලිනාට්‍යය  නිවන්ත ප්‍රසාර විසින් අධ්‍යක්ෂණය කළ අතර මෙය හිරු කාර්යමණ්ඩයේ නිෂ්පාදනයකි.

ඒ අනුව බිනර පුර පසළොස්වක පොහෝ දින එනම් අද (14) උදෑසන 11.00ට හිරු ටිවී තුළින් ඔබේ ආලින්දයට එන සසර සෙවණැලි ටෙලි නාට්‍ය රූ ගත වූ ඡායාරූප මෙහි දැක්වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *