Sep 13

ගැසූ ගල වැරදුනත් ශාන්ත බණ්ඩාර නැවතත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩුව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා විසින් ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභා වෙත නිර්දේශ කර යවා ඇත.

ශාන්ත බණ්ඩාර මහතා පසුගියදා තමන් පත්කර සිටි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් අස් වූයේ
අභාවප‍්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගෙන් පුරප්පාඩු පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව පිවිසීම සඳහායි.

නමුත් ඇතිවූ නීතිමය තත්වය හේතුවෙන් ශාන්ත බණ්ඩාර මහතා කුරුණෑගල තේරුම් භාර නිලධාරියා විසින් පත් නොකර ලැයිස්තුවේ ඊළඟට සිටිද්දී ජයරත්න හේරත් මහතා පත් කරන ලදී.

ඒ හේතුවෙන් නැවතත් ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *