Feb 22

සයිටම් අර්බුදය නිමාවෙමින් වෛද්‍ය විද්‍යාල සිසුන්ට ලැබුණු තීරණය මෙන්න

sitam
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි මෙම තීරණයට ගෙන ඇත්තේ.

නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන 1000 ක පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කරගැනීම සිදු කිරීමට මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *