Mar 23

ළිඳ ළඟ ඇද වැටුණු සිඟිත්තිය රෝහල් ගත කළ පසු මිය ගිහින්

නිවසට යාබද දියනෑම සඳහා ඉදිකර ඇති ස්ථානයකදී අවුරුදු 3 1/2 ක දැරියක පය ලිස්සා වැටී සිදුවූ අනතුරෙන් තුවාල ලැබ රෝහල් ගත කිරීමෙන් අනතුරුව (22)දා ජීවිතක්‍ෂයට පත්වූ බවට අවාසනාවන්ත
පුවතක්

පුවක්පිටියෙන් වාර්තා වේ.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, පුවපිටිය උතුර ඇස්වත්ත පදිංචිව සිටි බාලදරන්ගේ ළහිරුනී මේධානි ජයතිලක (අවු. 3 1/2) නමැති සිඟිත්තියකි.

නිවසෙන් පිටත දියනෑම සඳහා ගොස් ඇති ඇය පය ලිස්සා වැටී හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යොමු කිරීමෙන් අනතුරුව මෙලස ජීවිතක්ෂයට පත්ව තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *