Feb 27

පරීක්ෂණ නිසා ශ්‍රී දේවිගේ සිරුර තවම ඩුබායි රටින් නිදහස් කර නෑ බොලිවුඩ් නළු නිළියෝ සොව පළ කිරීමට අනිල් කපූර්ගේ ඉන්දීය නිවසට

sri-devi-funeral

Sri Devi -Death Updates
පරීක්ෂණ නිසා
ශ්‍රී දේවිගේ සිරුර තවම ඩුබායි රටින් නිදහස් කර නෑ
බොලිවුඩ් නළු නිළියෝ සොව පළ කිරීමට
අනිල් කපූර්ගේ ඉන්දීය නිවසට

අභිරහසක් ඉතිරි කරමින් පසුගියදා ඩුබාහිදී මියගිය බොලිවුඩ් තාරකාව ශ්‍රී දේවියගේ දේහය පිළිබඳ පරීක්ෂණ කටයුතු අද 27 උදෑසන 10 වන විටත් අවසන් නොවීම නිසා ඊයේ සූදානම් කර තිබූ ඇගේ අවසන් කටයුතු පැය ගණන් කල් ගතවෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දේහය ඩුබායි සිට ඉන්දියාව බලා රැගෙන ඒමට ඉන්දියාවේ කෝටිපති අම්භානි මහතා සපයා තිබෙන පුද්ගලික ජෙට් යානය සූදනමින් පසුවන නමුත් ඩුබායි නීතිරීති අනුව පරීක්ෂණ නිමවනතුරු මියගිය අයගේ පාස්පොත ඩුබායිහි ඉන්දීය තානාපති කාර්යාලය භාරයේ රඳවා තිබෙන බවත් මේ නිසා දේහය
නිදහස් කරන්නට කල්ගතවී ඇති බවත් වාර්තාවේ.
මේ අතර අද උදෑසන 7 ට පමණ සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායි පොලිස් නිලධාරීන් මියගිය ශ්‍රී දේවියගේ සැමියා වන බොනී කපූර්ගෙන් නැවත කට උත්තර ලබාගෙන ඇත. මරණ පරීක්ෂණ වාර්තාව අනුව සැකසහිත මරණයක්වූ නිසා මෙම ක්‍රියාවලිය මෙතරම් දීර්ඝවී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
මේ අතර බොනී කපූර්ගේ සොයුරු සිනමා නළු අනිල් කපූර්ගේ ඉන්දියානු නිවස අවමංගල කටයුතු සඳහා ලකලෑස්ති කර තිබෙන අතර ඊයේ සවස සිටම බොලිවුඩ් නළු නිළියන් හා ප්‍රභූ පිරිස් එම නිවස වෙත එක් රොක්වී සොව පළකරමින් කථාබස් කරමින් සිටින බව වාර්තාවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *