Jan 20

ලංකාවට ගෙන්වන වාහන සඳහා පැනවෙන අලුත්ම නීතිය මෙන්න – ත්‍රීවිල් එන එකත් නවතීද?

sri-lankan-vehicle-import
ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා නව කොන්දේසි කිහිපයක් පනවන්නට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මේ අනුව ආසන පටි , වායූ බැලූන් මගී ආරක්ෂිත ක්‍රමවේද නොමැති වාහන ආනයනය 2018  ජූලි මස 01වනදා සිට තහනම් කරන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම වාහනයෙන් සිදුවන වායු විමෝචනය යුරෝ 4ට වඩා අඩු වාහන ගෙන ඒමද ජූලි 1 වනදා සිට තහනම් වනවා.

මේ තත්ත්වය යටතේ යූරෝ 4ට වඩා පහළ තත්ත්වයක පසුවන ත්‍රීරෝද රථ මෙරටට ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බවයි ව්‍යාපාරික ප්‍රජාව පවසන්නේ.

ත්‍රීරෝද රථ ආනයනය කිරීමට නම් එහි වායු විමෝචනය යුරෝ 4 මට්ටමට ගෙන ඒමට සිදුවනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *