Jan 04

සුළි කුණාටුවක් නිසා රටවල් 8ක් කැළඹෙයි – Video & Photos

ප්‍රබල එලනර් සුළි කුණාටුව මේ වනවිට යුරෝපයට ඇතුළු වී තිබෙනවා.

මේ හේතුවෙන් බෙල්ජියම්, නෙදර්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය සහ ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 8 කට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

විශේෂයෙන්ම ප්‍රංශයේ අගනුවර වන පැරිස්හි ගුවන් ගමන් රැසක් මේ හේතුවෙන් අඩාල වී තිබෙනවා.


එමෙන්ම, ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියේ හිම ක්‍රීඩා කරමින් සිටි පුද්ගලයෙකු සහ ස්පාඤ්ඤයේ උතුරු මුහුදු තීරයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද සුළි කුණාටුව හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *