Feb 22

නිදහස් කුසලාන T-20 තරඟාවලියේ ටිකට් ගන්න විදිය මෙන්න

t-20-match
නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය හෙට(22) ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ප්‍රවේශපත්‍ර කොළඹ-07 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මුලස්ථානයෙන් සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් මිලදී ගැනීම හැකි බවයි ඔවුන් පවසන්නේ.

රුපියල් 300 සිට 5000 දක්වා කාණ්ඩ 5ක් යටතේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට නියමිතයි.

ලබන 6වෙනිදා ආරම්භවන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය එක්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *