Dec 21

ජනපති මැඳුරේ නත්තල් උළෙල….

The Christmas celebration of the President

කොටුව ජනාධිපති මන්දිරයේ විශේෂ නත්තල් උත්සවය පෙරේදා (19 වැනිදා) පස්‌වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම නත්තල් උත්සවය සඳහා මැල්කම් කාදිනල් රංජිත්, කොළඹ රදගුරු තුමා ප්‍රමුඛ රදගුරු තුමන්, පූජක පියවරුන් සහ කන්‍යා සොහොයුරියෝ එක්‌ව සිටියහ. කැරොල් ගීත ඇතුළු විචිත්‍රාංග රැසකින් නත්තල් උත්සවය වර්ණවත් විය. නත්තල් සීයා විසින් ජනපතිතුමන් වෙත තිළිණයක්‌ ප්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *