Dec 23

විස්‌සයි විස්‌සේ පරිණතයන්ගේ වත්මන් පසුබැසීම…

The current downturn of the Twenty20 Twelve

ලොව ජාත්‍යන්තර විස්‌සයි විස්‌ස තරග නියෝජනය කළ කණ්‌ඩායම් ගණන 22 කි. එම කණ්‌ඩායම් 22 අතුරින් විස්‌සයි විස්‌ස තරග සියයක්‌ නියෝජනය කළ කණ්‌ඩායම් හතරෙන් එකක්‌ වන්නේ ශ්‍රී ලංකාවයි. එවැනි පරිණත අත්දැකීම් ඇති ශ්‍රී ලංකා කණ්‌ඩායම වර්තමානයේ නිත්‍ය නායකයකු සහ දක්‍ෂතා හීන වුණ කණ්‌ඩායමකින් සමන්විත වීමෙන් ඉන්දියානුවන්ට ඉතිහාසයේ දැවැන්තම විස්‌සයි විස්‌ස ජයග්‍රහණය ප්‍රදානය කිරීමට පළමු තරගයේ ක්‍රීඩා රටාව හේතු විය. එම තරගය ලකුණු 93 කින් ශ්‍රී ලංකාව පරාජය විය.

විස්‌සයි විස්‌ස ලෝක ශූරතා ද්විත්වයක අවසන් මහා තරගයට පැමිණි සහ 2014 දී විස්‌සයි විස්‌ස ලෝක ශූරයෝ වූ ශ්‍රී ලංකාව ඊයේ තරගයට පෙර පිට පිටම තරග හයක්‌ පරාජය වී තිබේ. කෙසේ වෙතත් ඊයේ තරගයේ තීරණය තරගාවලි ජය පරාජය තීරණය කරන තරගය බවට පත්ව තිබේ. ඉන්දියානුවන්ද ඉතිහාසයේ සහභාගි වී ඇත්තේ විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරග 89 කට පමණි. ඔවුන් එහිදී ජයග්‍රහණ 53 ක්‌ සහ පරාජයන් 33 ක්‌ ලබා තිබේ. ශ්‍රී ලංකාව විස්‌සයි විස්‌ස තරග 100 කදී ජයග්‍රහණ 51 ක්‌ සහ පරාජයන් 47 ක්‌ ලබා තිබේ.

ශ්‍රී ලංකාව මීට වසර කිහිපයකට පෙර විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ අංක එකේ කණ්‌ඩායම බවට පත්විය. නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාව එම ශ්‍රේණියේ අට වැනි තැනට තල්ලු වී තිබේ. ඉන්දියාව අදාළ ශ්‍රේණියේ පස්‌වැනි තැන පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *