Jan 31

අයෙත් කෝච්චිය අඟුරු කකා වතුර බීබී බදුලු දුවයි – Photos

දිගු නිහැඩියාවකට පසු කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ජර්මන්, ඕස්ට්‍රේලියා, එංගලන්ත සහ ජපන් ජාතික විදේශිකයන් පිරිසක් රැගෙන අඟුරු කෝච්චියක් අද (30) දහවල් හැටන් දුම්රිය ස්ථානයට පැමිණ තිබෙනවා.

කොළඹ කොටුවෙන් ඊයේ (29) ගමන් ආරම්භ කළ මෙම වාෂ්ප දුම්රිය ඊයේ 29 මහනුවර දුම්රිය ස්ථානයේ නතර කර අද (30) අලුයම නානුඔය දක්වා ගමන් ආරම්භ කළා.

හැටන් දුම්රිය ස්ථානයේදි එම වාෂ්ප දුම්රියට ජලයද ලබා ගෙන ඇති අතර නානුඔයේ සිට මෙම දුම්රිය හෙට (31) දින බණ්ඩාරවෙල දක්වා ධාවනය වීමට නියමිත බවයි වාර්තා වුණේ.

අවසන් වරට මෙම දුම්රිය බදුල්ල දක්වා ධාවනය කරවනු ලැබුවේ 2016.02.02 වන දිනයි.

හැටන් දුම්රිය ස්ථානයට මෙම වාෂ්ප දුම්රිය පැමිණි අවස්ථාවේ එය දැක බලා ගැනිමට විශාල පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිණ තිබෙනවා.

ඡායාරූප පහතින්..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *