Sep 30

මේසයක් මත නැඟ සහෝදරියකගෙන් බත් කවා ගනිමින් සිටි දරුවා රූපවාහිනියට සමඟ බිමට වැටී මිය යයි

වයස අවුරුදු තුනහමාරක කුඩා දරුවකු නිවසේ මේසයක් මත නැඟ තම වැඩිමහල් සහෝදරියගෙන් බත් කවා ගනිමින් සිටියදී රූපවාහිනි යන්ත්‍රයක් සමඟින් බිමට වැටීමෙන් පෙරේදා (28) දින දහවල් සිදුවූ අනතුරින් දරුවා බරපතළ තත්වයෙන් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ පසු
මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ කුලී නිවසක පදිංච්චව සිටී.සහෝදරියන් සිවුදෙනකුගෙන් සමන්විත පවුලක බාලම දරුවා මෙලෙස මියගොස් ඇත.
මියගිය දරුවාගේ මව නිවෙසින් පිටත රෙදි අව්වට දමමින් සිටි අවස්ථාවේදී සහෝදර සහෝදරියන් සමඟ සෙල්ලම් කරමින් සිටි මියගිය දරුවාට ඔහුගේ වැඩිමහල් සොහොයුරිය බත් කවා ඇති බවත් දරුවා මේසයක් මත නැඟ දඟලමින් සිටි අවස්ථාවේ දරුවා එක්වරම අසලු තිබූ විශාල ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍රයත් සමඟින් උඩුබැලි අතට බිමට වැටීමෙන් මෙම මරණය සිදුව ඇති බව සිදුකළ මූලීක මර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ පින්නවල එළමළ වල පදිංචි හේවාවසම් පුවත්පිටියලාගේ රන්දුල නමැති වයස අවුරුදු තුනහමාරක කුඩා පිරිමි දරුවෙකි.

අනතුර සම්බන්ධයත් හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් පැවැත්වූ අතර පාදුක්ක පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් රෝහාන්ත මහතා පරීක්ෂණ පැවැත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *