Jan 09

ක්‍රිකට් ලොව උණුසුම් කරමින් සුපිරි ඉන්දීය පිතිකරුට තරග තහනමක් – Video

usuf-pathan-banned

ඉන්දීය සුපිරි පිතිකරු යුසුෆ් පතාන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධාන කරන කිසිදු තරගාවලියක් සදහා එක්කර නොගන්නා ලෙස එම පාලක මණ්ඩලය දැනුම් දී තිබෙනවා. ඒ ඔහු තහනම් උත්තේජක ලබා ගත් බවට සනාථ වීම හේතුවෙන්..

රංජි කුසලාන දේශීය ක්‍රිකට් තරගාවලියේදී බැරෝඩා කණ්ඩායම පතාන් නියෝජනය කල අතර එම තරගාවලිය අතරතුරයි ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට හෙළි වී ඇත්තේ.

ඉන්දයාව වෙනුවෙන් පතාන් එක්දින තරග 57කට ක්‍රීඩා කර ඇති අතර T20 තරග 22කට ක්‍රීඩා කර තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වා තිබෙනවා.  මේ අනුව ඔහුට IPL තරගාවලියද අහිමි වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *