Sep 25

සාමණේර හිමිවරුන්ට පහර දුන් උටියාට අත්හිටවූ සිර දඬුවම්

හොරෙව්පොතාන ශ‍්‍රී ස්වර්ණතිලකාරාම මහ පිරිවෙනෙහි සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් ගත කර සිටි සැකකරුට රුපියල් 1,000ක දඩයක් සහ වසර එකහමාරක සිර දඬුවමක් නියම කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා එම සිර දඬුවම වසර 5කට අත් හිටුවීමටද අද (24) නියෝග කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ හොරොව්පොතාන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැති අයෙකුටය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවූ අවස්ථාවේ තමන් වරද පිළිගන්නා බව පැමිණිලිකාර සාමනේරු හිමිවරුන්ට විවෘත අධිකරණය්දී වැඳ නමස්කාර කරමින් සැකකරු ප‍්‍රකාශ කිරීමෙන් පසුව ඔහුට මෙලෙස දඬුවම් නියම කරනු ලැබීය.

සැකකරු සාමනේර හිමිවරුන්ගේ පහර දෙන අයුරු සිද්ධිය වූ ස්ථානය අසළ සීසීටීවී කැමරාවක පැහැදිලිව සටහන්ව ඇති බවද අධිකරණයට කියා සිටි ප‍්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත මහතා සැකකරුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවද පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *