Mar 03

සීනිගමදී පොලිසියෙන් කොල්ල කෑ කෝටි 20 වාලම්පුරිය

රුපියල් කෝටි 20ක් පමණ වටිනා වාලම්පුරයක් කොල්ලකැමේ  සිද්ධියට සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයකු ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ගාල්ල පොලිසිය
මගින් ඊයේ (02)පස්වරුවේ  අත්අඩංගුවට ගෙන ඇත.
මෙකි වාලම්පුරිය දොම්පේ ප්‍රදේශයේ

පදිංචිකරුවකුට  අයත් එකක් වන අතර ඔහු මෙය විකිණිම සදහා තවත්  පුද්ගලයින් තිදෙනෙකු සමග  කාර්රථයකින්  හික්කඩුව සිනිගම දේවාලය අසලට පැමිණි බව දැන ගත් පොලිස්  නිලධාරින් මෙකි වාලම්පුරිය කොල්ලකා තිබේ. පසුව   වාලම්පුරිය රැගෙන ආ අය විසින්  ගාල්ල පොලිසියට මේ ගැන පැමිණිලිකොට  ඇත.
පසුව ගාල්ල සහකාර පොලිස් අධිකාරි 01 සතිස් ගමගේ මහතා විසින් මේ පිළිබද කරණු ලැබු  දිර්ඝ විමර්ශනයකින් පසු මෙයට සම්බන්ද  පොලිස් නිලධාරින්  සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙයට සම්බන්ධ තවත් පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය පරික්ෂණ පවත්වයි. ඔහු අසනිප නිවාඩු දමා ඇති බවද පැවසේ. කොල්ලකනු ලැබු වාලම්පුරිය ද පොලිසිය මගින් සොයාගෙන ඇත.  පොලිස් නිලධාරින් විසින් වාලම්පුරිය කොල්ලකා  විකිණිමට සැලසුම්කෙට තිබු බවද පැවසේ.
ගාල්ල සහකාර පොලිස් අධිකාරි 1 සතිස් ගමගේ මහතාගේ මෙහෙයවිම යටතේ පරික්සණ පැවැත්වේ.

(ගාල්ල ලලිත් චාමින්ද)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *