Feb 28

මහමගදී නිර්නාමික වෛද්‍ය වාර්තා පෙන්වා සිඟමන් යදින තරුණයෙකු අත්අඩංගුවට

වකුගඩු රෝගයෙන් පීඩා විඳින දරුවකුගේ සැත්කමක් සඳහා රුපියල් ලක්ෂ 34ක මුදලක් අවශය යැයි කියමින් නිර්නාමික වෛද්‍ය වාර්තාවක් පෙන්වා හෙරොයින් පානය කිරීම සඳහා මුදල් එක්කාසු කරමින් සිටි තරුණයකු
අනුරාධපුර

මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලී අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

හෙරොයින් මතට ඇම්බැහි වී සිටින තරුණයකු වකුගඩු රෝගය වැලඳුණු දරුවකුගේ සැත්කමක් සඳහා කියමින් නිර්නාමික වෛද්‍ය වාර්තාවක් පෙන්වමින් අනුරාධපුර නව නගර බස්නැවතුමේ නවතා තිබෙන බස් රථවල සිටීන මගීන්ට ආධාර පත්‍ර අලෙවි කරමින් මුදල් එක්කාසු කරන බවට ලැබුණු තොරතුරු මත පොලිස් නිලධාරීන් එහි ගොස් සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *